අද (20) දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලමේන්තුවේ අදහස් දැක්වම සදහා කාලවේලාව ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂයෙන් ඒ මහතා සදහා වෙලාව ලබා දී නොමැති බවද ඒ මහතා කීය.
ගම්මන්පිල මහතා වෙනුවට ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගය රැගෙන එන ලෙසට වික්‍රමසිංහ මහතා යෝජනා කරන්නේ ආණ්ඩුවේ වුවමනාවට, ආණ්ඩුව බේරාගැනීමට බවද ඒ මහතා චෝදනා කළේය.
මේ ආකාරයට ආණ්ඩුවේ වුවමනාව මත විපක්ෂයේ කකුලෙන් ඇදීමට පියවර නොගන්නා ලෙසත්, ඒ සදහා ඉඩ ලබා නොදෙන බවත් ෆොන්සේකා මහතා කීය.