ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…

July 20, 2021 at 2:10 pm | lanka C news

ආණ්ඩුවේ ඇමති-මන්ත‍්‍රී ගැටේ.. ධුරයෙන් අස්වන බව කියයි…

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වී තිබේ.

ආණ්ඩු පක්ෂ පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මෙම මත ගැටුම ඇති වී තිබෙන්නේ ඉකුත්දා බත්තරමුල්ලේ පැවති උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නායකයන් නිරෝධායන යොමු කිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් විරෝධියපල කරමින් ජගත් කුමාර මහතා මීට පෙර කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර විරෝධය පළ කිරීමත් සමග මෙම මත ගැටුම ඇති වී තිබේ.

වෘත්තීය සමිති නායකයකු ලෙස අඩුපාඩුවක් පෙන්වා දීමට තමන්ට නොහැකි නම් තවදුරටත් මන්ත්‍රී ධුරයේ සිටීමේ තේරුමක් නැති බව ද ජගත් කුමාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී මත ගැටුම දුරදිග යාම වලක්වා තිබේ.

4 views

Leave a Reply