අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියා පත්වීමක් ලබාදී තිබේ.
රමිත් රඹුක්වැල්ල මහතා ඒ බව සිය ෆේස්බුක් ගිණූමෙහි සටහන් කර තිබුණේ පහත ආකාරයෙනි.
රමිත් රඹුක්වැල්ල යනු කාලයක් තිස්සේම ආන්දෝලනයට ලක්වූ පුවත් මැවූ පුද්ගලයෙකු වන අතර වරෙක ඔහු ගුවන් ගමනක් අතරේ ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව විවෘත කිරීමට ද උත්සාහ දරා තිබිණි.