දෙහිවල සත්තු වත්තේ රඳවා සිටින සත්වයන්ට කෑම වියදමක් සොයාගත නොහැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සත්වෝද්‍යාන වසා තැබීම නිසා ආදායම් අහිමි වීම මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.
දෙහිවල පමණක් නොව රට පුරා සියලුම සත්වෝද්‍යානය දැඩි ආර්ථික අර්බුදයකට මේ වන විට ලක්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මත සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ සත්වෝද්‍යාන විවෘත කරන බව ද ඔහු සඳහන් කළේ ය.
207 views