සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, මාලඹේ ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට් 9 වෙනි මහලෙන් පැන්නාද වැටුණාද?

malambe-kaveen-lakshan-bandara-gunarathne

මාළඹේ තලාහේන සුපිරි නිවාස සංකීරණයක ( ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට්) වාසය කළ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ. එම නිවාස සංකීරණයේ නවවෙනි මහලේ වාසය කරමින් සිටි ඔහු එම තට්ටුවේ සිට බිමට වැටී මියගිය ආකාරයක් පෙනී ගියද මියගිය ආකාරය තවම පැහැදිලි නැති බව පොලිසිය පවසයි.

මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ එම නිවාස ඒකකයේ පදිංචිව සිටි අතර සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී බවට සැක කෙරේ. රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ තරුණයා නින්දට යාමෙන් පසු නිවාස එ්කකයේ අයට ඔහු ගැන නිනව්වක් තිබී නැත.නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට තරුණයා වැටී සිටින බවට උදේ පාන්දර තරුණයාගේ මවගේ දුරකථනයට පහළ සිටි අයෙකු පණිවිඩයකින් දැනුම්දෙනතුරු තම පුතුට සිදුවූ දේ ඒවනතුරු මව දැන සිට නැත.
මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තරුණයා හඳුනාගෙන ඇත.
නිවාස සංකීර්ණයේ මිදුල සිමෙන්ති ගඩොල් අතුරා සකස්කර තිබූ අතර තරුණයා එහි උඩුබැලි අතට දිගාවී සිටියේ හිසින් ලේ පෙරාගෙනයි. ඒ ආසන්නයේ ගසක අත්තක කොටසක් කැඩී ඇති අයුරුද හඳුනාගන්නට ලබී ඇත.ඔහු රාත්‍රී ඇඳ සිටි ඇඳුමින්ම එහි වැතිර සිටි බවද කියැවිණි. තරුණයාගේ අතට සහ පාදයට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය වාර්තා කර තිබුණි. ඔවුන් වාසය කළ 9වන මහලේ බැල්කනියෙන් තරුණයා පැන්නාද වැටුණාද යන්න තවම ප්‍රහේලිකාවකි.

සැකසහිත කිසිවෙකු සිටීද යන්න ගැන පොලිසිය කළ ප්‍රශ්න කළ විට නිවැසියන් පැවසුවේ ඔවුන් වාසය කළ 9 වන තට්ටුවේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් ආරක්ෂිත සුදු යකඩ ආවරණයක් තිබෙන බවයි.
මෙසේ මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නමැති 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි බවද කියැවුණි.
මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 

Leave a Reply