බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද සහ හෙට දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
එම විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.
ඉන්ධන මිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්දයෙන් චෝදනා එල්ල කරමින් මෙම විශ්වාසභංගයට ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල කර තිබේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී දැනුම්දී ඇත්තේ සියලුම මැති ඇමතිවරුන් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දිය යුතු බවයි.
එමෙන්ම මෙම දෙදින තුළ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳී සිටිය යුතු බව ද දැනුම් දී තිබේ.
295 views