ඇදිරි නීතියද.. රට වහනවාද.. දැඩි සංචරණ සීමාද.. තීන්දුව ගන්න සාකච්චාව ඇරඹෙයි..

August 13, 2021 at 11:25 am | lanka C news

ඇදිරි නීතියද.. රට වහනවාද.. දැඩි සංචරණ සීමාද.. තීන්දුව ගන්න සාකච්චාව ඇරඹෙයි..

පවතින තත්ත්වය මත කොරෝනා පාලනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙයි.

පෙරවරු 11ට මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වී ඇත.

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරස පාලනය කිරීම සඳහා දැඩි සංචරන සීමා පනවා රට වසා දැමිය යුතු බව සෞඛ්‍ය අංශ විසින් රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී සංචරන සීමා දැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවද වාර්තා වෙයි.

733 views

Leave a Reply