එකක් ඇතිය කියා අත්සන් ගෙන විද්ද ස්පුට්නික්v දෙවැනි මාත්‍රාව නොලැබීයාම ගැන සැකයක්

sputnikv-issue-kandy

ස්පුට්නික් v නමැති රුසියානු කොරෝනා එන්නතේ පළමු වැන්න හා දෙවැන්න දෙවර්ගයකි. පළමු වැන්නම දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නොහැකිය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මුල් අදියරේදී ස්පුට්නික් එන්නත් 150,000ක්  මහනුවර ජනතාවට එන්නත් කළ අතර එසේ ලබාදෙද්දි ‘එකක් ඇතිය කියා ‘ අත්සන් ලබාගත් සිද්ධියක්ද වාර්තා විය.
ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව අපේක්සාවෙන් එකී පිරිස තවමත් පසුවෙන අතර මීට දිනදෙකකට පෙර වාර්තාවූයේ එන්නත් 15000ක් මෙරටට ලැබී ඇති බවය. ඒවා මහනුවර ජනතාවට ලබාදීම පිළිබඳව
සෞඛ්‍ය බලධාරීන් අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
අර්බුදයකට හේතු වී ඇත්තේ ඒවා දෙවැනි මාත්‍රාවට අදාළද යන්න පැහැදිලි නොකිරීම හා ඒ ගැන කිසිවෙකු කථා නොකිරීම නිසාය.

ස්පුට්නික් එන්නත් මෙරටට ලැබී ඇති බව පැවැසුණද මෙතෙක් ඒවා මහනුවරට ලැබී නොමැත. එම
එන්නත් මහනුවර ස්පුට්නික් පළමුවැන්න ලබාගත්  විශේෂිත පුද්ගලයන් පිරිසක් වෙනුවෙන් මේවා ගෙන ආවාදැයි කුතුහලයක්ද මතුව ඇත.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ ඉහළ නිලධාරියකු පැවැසුවේ ස්පුට්නික් එන්නත් 15000ක් ලැබීම නිසා තමන්
දැඩි අර්බුදයකට මුහුණදී සිටින බවයි. මේ වන තුරු අදාළ එන්නත් මහනුවරට ලැබී නැති බවද ඒවා ලැබුණු
විගස වයස අවුරුදු 70 වැඩි පිරිසට ලබාදීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ දැනට අදහස් දක්වා ඇති බවය.
ඇසළ පෙරහර පැවැත්වෙන නිසා ඒ සඳහා එක් වන ස්පුට්නික් 2 ලැබිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් සපයන
පිරිසට එන්නත් ලබාදිය යුතු බවටත් පොලිසිය හා දේශපාලන අධිකාරියේ විශාල පිරිසක් එන්නත ලබාදෙන
ලෙස ඉල්ලා දිගින් දිගටම තමන්ට දුරකථන ඇමතුම් සිය ගණනක් ලැබෙන බවද එම ඉහළ නිලධාරියා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මේ ගැන පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ
ඉන්න වෛද්‍යවරුන්ට මම කතා කළා. ඔවුන් කිව්වේ කොරෝනා  වයිරසයේ  ඩෙල්ටා ප්‍රභේදය තවමත්
මහනුවර ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා නෑ කියලා.

හැබැයි දෙවැනි එන්නත දුන්නොත් මහනුවර
දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාත් බේරගන්න පුළුවන් බව වෛද්‍යවරු මට පැවැසුවා. මම රජයට
කියන්නේ ඉතාමත් ඉක්මනින් දෙවැනි එන්නත මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට  පළාතට
ලබාදෙන්න. වෛද්‍යවරු කියනවා දෙවැනි එන්නත ඉක්මනින් ලැබුණොත් කන්ද උඩරට පළාත්වල මේ වයිරසය
පැතිරීම වළක්වන්න පුළුවන් කියලා. මොකද පළමුවැනි එන්නත දෙනකොට සමහර ස්ථානවල එන්නත්ලාභීන්ගෙන් මේ අය අස්සන් ගත්ත දෙවැනි එන්නත අවශ්‍ය නෑ කියලා.”
 

Leave a Reply