රට වහන්න ඕන නැහැ 60ට වැඩි අයට පීසීආර් ඉවර කරන්න – ජනපති සෞඛ්‍ය අංශයට දන්වයි

president-health

ඊයේ බ්‍රහස්පතින්දා (12) දහවල් ජනපති තීරණාත්මක තීන්දුවක් ගන්න යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවා ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එකී විශේෂ සාකච්ඡාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව නැවත ඉක්මනින් ලොක් ඩවුන් නොකලොත් ජීවිත ගණනාවක් තවදුරටත් අහිමිවී යාහැකි බවට සෞඛ්‍ය විශේෂඥයින් ගනනාවක් ඒ වනවිට පෙන්වා දී තිබූ නිසා ජනපති තීරණයක් ගනු ඇතැයි වාර්තා පළ විය.

නමුත් එහිදී ජනාධිපතිවරයා සෞඛ්‍ය ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
වයස අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති  උපදෙස් ලබාදී ඇත.

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගෙන් බහුතරය වයස අවුරුදු 60 ඉක්මවූවන් බැවින් මරණයෙන් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය. වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඔවුන්ට රෝගය වැලඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට නියමිතය. මෙහිදී දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති වයස අවුුරුදු 60 ඉක්මවූවන්ට පීසීආර් පරීක්ෂණ සිදු කෙරේ.
 මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද දන්වා ඇත.
 

Leave a Reply