හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ යෝජනාවට සංශෝධනයක් එක් කළේය.මෙම විශ්වාස භංග යෝජනාව එස්.එම් මරික්කාර් මහතා විසින් ඉදිරිපත් කර ලදුව නැගි සිටි වික්‍රමසිංහ මහතා ඊට සංශෝධනයක් එක් කරමින් පැවසූවේ මෙම විශ්වාස භංග යෝජනාව බලශක්ති අමාත්‍යවරයා යන්න වෙනුවෙට සමස්ත කැබිනට් අමාත්‍යවරුන් ලෙස සංශෝධනය කරන ලෙසය.
එසේම විශ්වාසය භංගවීම අදාළ ඇමතිවරයා පමණක් නොව සමස්ත ඇමතිවරුන් සියලු දෙනා සම්බන්ධයෙන්ම විය යුතු බවට ඔහු යෝජනා කළේය.
මෙවැනි යෝජනාවක් රනිල් වික්‍රමසිහ මහතා විසින් අද දින සිදු කරනු ඇති බවට දේශපාලන කෂේත්‍රෙය් ඊයේ සිට කතා බහට ලක් වූ අතර දේශපාලන විචාරකයන් එය හැඳින්වූයේ විශ්වාස භංගයේදී ආණ්ඩුව තුළද පවතින බෙදීම වළක්වමින් සමස්ත ආණ්ඩුවම මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරවීමේ පසුබිමක් නිර්මාණය කිරීමේ අරමුණින් එය වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවය.