ආණ්ඩුව කිරිපිටි බදු අයින් කළේ වරායේ මෙට්‍රික් ටොන් 4200ක් ගොඩබා තිබියදී! වංචාවක් ගැන ජාතික සංවිධාන ජනපතිට ලියයි!

ආණ්ඩුව කිරිපිටි බදු අයින් කළේ වරායේ මෙට්‍රික් ටොන් 4200ක් ගොඩබා තිබියදී බව ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඒ අනුව ආණ්ඩුව ගෙන ඇත්තේ වැරදි ක්‍රියාමාර්ගයක් බවද අමරසේකර මහතා සිය ලිපිය මගින් දැනුම් දෑ ඇත.
එම ලිපිය මෙසේය.
අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත,
කිරිපිටි ආනයනය කරන සමාගම්වල තර්ජනවලට බිය වී අසීමිත බදු සහන ලබාදීම පිළිබඳව
උක්ත කරුණට අදාළව අප සංවිධානය විසින් සිදුකළ අධ්‍යයනයන්ට අනුව වෙළඳපළ තුළ සිදුවී ඇති දේ, සමාගම් විසින් ඉල්ලන ලද දේ, ආණ්ඩුව විසින් සිදුකළ දේ සහ සැබවින්ම ආණ්ඩුව විසින් කළයුතුව තිබූ දේ මෙසේ ඔබතුමාගේ අවධානය සඳහා සංක්ෂ්ිප්තව ඉදිරිපත් කරමු. විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක මෙන්ම රාජ්යග ආදායම අඩු වී ඇති අවස්ථාවක සහ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මහජනයා පෙළඹවිය යුතු වකවානුවක මෙම කරුණු සැළකිල්ලට ගැනීම මගින් වැරදි නිවැරදි කර හැකි වනු ඇතැයි අපි අවංකවම කල්පනා කරමු.
1) වෙළඳපළ තුළ සිදුවී ඇති දේ –
I. මීට දින 30කට පමණ පෙර කොළඹ වරායට කිරිපිටි මෙ.ටො. 28 බැගින් වූ බහාලුම් 50ක කිරිපිටි තොගයක් ගොඩබෑම සිදුකොට ඇත. (කි.ග්රෑ ම් මිලියන 1.4ක්) නමුත් එම තොග වරායෙන් නිදහස් කරගැනීම සඳහා අදාළ සමාගම් උනන්දු වී නැත.
II. ඉන්පසුව පසුගිය සති 2ක කාලය තුළ තවත් මෙ.ටො. 28ක් අඩංගු බහාලුම් 50 බැගින් අවස්ථා දෙකකදී බහාලුම් 100ක අඩංගු කිරිපිට තොග වරායට ගොඩබෑම සිදුකොට ඇත. ඒ අනුව ආනයනය කරන ලද සමස්ත කිරිපිටි තොගය මෙ.ටො 4200ක් හෙවත් කි.ග්රෑ. මිලියන 4.2කි.
III. එම කිරිපිටි තොග නිදහස් කර ගැනීම පමා කිරීම නිසා අදාළ සමාගම් විසින් වරායට ගෙවිය යුතු ප්රාමාද ගාස්තුව සහ අනෙකුත් ගාස්තු රු. මිලියන 50කට ආසන්න බව වාර්තා වේ.
IV. එම කාලය තුළ අදාළ ආනයන සමාගම් විසින් රජයෙන් මිල වැඩිකිරීමක් ලබාගැනීම සඳහා බලපෑම් සිදුකළ අතර එය නොලැබෙන්නේනම් ආනයනය නතර කරන බවට ජනමාධ්ය් මගින් ඍජුව සහ වක්‍රව ආණ්ඩුවට අවධාරණය කරනු ලැබීය.
V. ඒ අතර එම කාලයේදී විවිධ මාධ්‍ය ආයතන මගින් රටේ කිරිපිට හිඟයක් ඇතිවිය හැකි බවට ප්‍රවෘත්ති සහ මහජන අදහස් ඉදිරිපත් කරනු ලැබීය.
VI. නමුත් එම කාලය තුළ අප සංවිධානය විසින් ආයතන 10ක නියැදියක් පරීක්ෂා කිරීමේදී රාක්ක පිරි යන ආකාරයට දේශීයව ඇසුරුම් කරන ආනයනික කිරිපිටි ගබඩා කර තිබෙන ආකාරය පිළිබඳ සාක්ෂි ලැබිණි. ඊට අදාළ ඡායාරූප අප සතුව ඇත.
VII. මෙම පරස්පරය පිළිබඳ කරුණු විමසීමේදී අදාළ වෙළඳසැල් හිමියන් ඉතා සතුටින් සඳහන් කළේ හිඟයක් ඇතිවිය හැකි බවට ප්‍රචාරය වන බැවින් විශාල තොග ප්‍රමාණයක් විකිණිය හැකි වූ බවය. ඊට අමාතරව අනාගතයේදී රජය විසින් බදු සහනයක් ලබාදෙන බව සහ ඒ අනුව කිරිපිටි මිල අඩුකළ හැකි බව සහ වෙළඳුන්ගේ කොමිස් වැඩිකළ හැකි බවට අදාළ සමාගම්වල වෙළඳ නියෝජිතයන් තමාට දැන්වූ බවද එම වෙළඳුන් විසින් සඳහන් කරනු ලැබීය. (මෙම තොරතුරු අනුව පැහැදිළි වන්නේ මෙම සමස්ත ක්රි යාවලිය සමාගම් සහ රජයේ යම් පාර්ශ්වයක් අතර එකඟතාව මත රගදැක්වෙන නාට්ය යක් බවය. බදු සහන ලබාගැනීමෙන් පසුව වරායේ තිබෙන කිරිපිටි තොග බදු සහන යටතේ නිදහස් කර ගන්නා බව ඉතා පැහැදිළිය. දැන් බදු සහන ලබාගැනීමෙන් පසුව මිල වැඩිකිරීමක් ද ඉල්ලා සිටීමට අදාළ සමාගම් ධෛර්යවත් වී ඇත.)
2) සමාගම් විසින් ඉල්ලන ලද දේ –
I. මිල වැඩිවීමක් ලබාදෙන ලෙස බලකිරීම සහ එසේ නොවන්නේනම් කිරිපිටි ආනයනය නතර කරන බවට අනතුරු ඇඟවීම.
II. නමුත් මිල වැඩිකිරීමක් ඉල්ලීමට හේතුව සහ එසේ ඉල්ලා සිටින වැඩිවීමේ ප්රරමාණය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක් සිදු නොවීය.
III. බදු සහනයක් ලබාදීම පමණක් විකල්පයක් නොවන බවට ද ආනයනකරුවන්ගේ සංගමය විසින් අදහස් දක්වන ලද අතර බදු අඩු කිරීම මගින් තමාට ලැබෙන සහනය රු. 100ක් පමණක් බැවින් තවත් රු. 100 මිල වැඩීවීමක් ලැබිය යුතු බව ප්ර කාශයට පත්විය.
IV. නමුත් සමාගම් විසින් එසේ තමාට කි.ග්රෑයම් 1කට රු. 200ක පාඩුවක් සිදුවන බැවින් කිරිපිටි ආනයනය නතර කරන බව පැවසුවද එම පාඩුව සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොවීය. (උදාහරණයක් ලෙස පසුගිය මාසයක කාලය තුළ ජාත්ය න්තරව කිරිපිටි මිල මෙ.ටො. 1කට ඩොලර් 4200 සිට ඩොලර් 3600 දක්වා පහත බැසීමක් මිස මිල ඉහළ යාමක් සිදුවී නැත.)
3) ආණ්ඩුව විසින් සිදුකළ දේ (සහ නොකළ දේ) –
I. පරිභෝගික අධිකාරි පනතේ බලය යොදාගනිමින් වරායේ පවතින කිරිපිටි තොග වහාම වෙළඳපළට නිදහස් කරන ලෙසට සමාගම්වලට බලපෑම් නොකිරීම.
II. වෙළඳපළ තුළ කෘතිම හිඟයක් මවා පානවාද යන්න සහ කිරිපිටි තොග සඟවා තබනවාද යන්න පිළිබඳ සොයා බැලීම් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සක්රීකය භූමිකාවක් ඉටුකරන බවක් මහජනයාට නොපෙනුනි.
III. මෙම ජාතික අපදා අවස්ථාවේදී මිල වැඩිවීමක් සඳහා ඉල්ලීම් නොකරන ලෙස හෝ එය කල් දමන ලෙස රජයේ පැත්තෙන් සමාගම්වලට ඉල්ලීමක් ඉදිරිපත් නොවීය. (විශේෂයෙන්ම ජාත්ය න්තරව මිල වැඩිවීමක් වෙනුවට අඩුවීමක් සිදුවී ඇති තත්වය යටතේ එම ඉල්ලීම වඩා සාධාරණ වේ.)
IV. නැව් ගාස්තු වැඩිවීමක් සිදුවී ඇතිනම් ඒ පිළිබඳව සාධාරණව සළකා බැලීම සඳහා එම වැඩිවීමේ ප්රිමාණය පිළිබඳව විවෘත සාකච්ඡාවක් සිදු නොවූ අතර එය ගණනය කිරීම සඳහා මිල සූත්රියක් හඳුන්වාදීම පිළිබඳව ද සමාජ කථිකාවක් සිදු නොවීය.
V. අමාත්යි මණ්ඩලයට පවා මිල වැඩිකිරීමේ ප්රොමාණය පිළිබඳ කරුණු දැන්වීමක් සිදු නොවූ අතර ඊට විකල්පයක් ලෙස ලබාදිය යුතු බදු සහනය කොපමණද, යන්න පිළිබඳවද අදහස් ඉදිරිපත් නොවූ බව ද වාර්තා වේ.
VI. නමුත් බදු අඩුකිරීම පිළිබඳ තීරණයක් ගන්නා ලෙස මුදල් අමාත්යද බැසිල් රාජපක්ෂ මහතාට අමාත්යල මණ්ඩලය විසින් බලය පවරා ඇති බව වාර්තා විය.
VII. එසේ වුවත් අමාත්යව මණ්ඩල ප්රනකාශකයන් විසින් සඳහන් කරනු ලැබුවේ ආනයනික කිරිපිටි සඳහා අය කරන බදු සියල්ල ඉවත් කිරීම සඳහා තීන්දුවක් ගනු ලැබූ බවය.
4) ආණ්ඩුව විසින් සැබැවින්ම කළ යුතු දේ –
I. පවතින ජාතික ආපදා අවස්ථාවේදී මිල වැඩිවීමක් සිදුනොකරන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටීම මෙන්ම තොග සැඟවීමක් සිදුකරනවාද යන්න සහ වරායේ රදවාගෙන සිටින කිරිපිටි නිදහස් කර නොගන්නේ කුමක් නිසාදැයි සොයා බැලීම.
II. කිරිපිටි සිල්ලර මිලට අදාළව දේශීය නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව මිල සුත්රයක් හඳුන්වාදීම සහ ඊට අනුව ආනයනික මිලට වඩා 5% කින් ඉහළ මට්ටමකින් ආනයනික කිරිපිටි මිල පවතින ලෙස ආනයන බදු තීරණය කිරීම මෙන්ම ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම.
III. බදු සහන ලබාදීම මගින් මෙම දුෂ්කර අවස්ථාවේදී රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වන බැවින් ඒ වෙනුවට නැව් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව යම් සාධාරණ මිල වැඩිවීමක් ලබාදීම. (දේශිය කිරිපිටි සමාගම් 2 මගින් නිපදවන කිරිපිටි මිල වැඩි නොකෙරෙන බැවින් ඒවා සතොස මගින් බෙදාහැරීම හරහා අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් ලැබේ. මේ වන විට දේශිය කිරිපිටි නිෂ්පාදනය වාර්ෂිකව මෙ.ටො. 20,000ක පමණ ඉහළ මට්ටමක පවතී.)
IV. සමාගම්වල බලපෑම්වලට යටත් නොවන බව සහ සතොස මගින් කිරිපිටි ආනයනය කොට රජයට අයත් මිල්කෝ සමාගම මගින් පැකට්කර වෙළඳපොළට ඉදිරිපත් කරන බවට ප්ර කාශයක් කිරීම. (එම සමාගම දැනට වඩා ලාභදායී වෙනත් නිෂ්පාදන වැඩිකිරීම සඳහා කිරිපිටි නිෂ්පාදනය අඩුකර ඇති බව ද වාර්තාවේ.)
V. අසීමිත බදු සහනයක් ලබාදීම, එනම් බදු සියල්ල ඉවත් කිරීම මගින් රජයට ලැබෙන ආදායම් අඩුවන නිසා එම තත්වය වෙනත් සේවා ලබාදීමේදී ගැටළුවක් බවට පත්වන බව මහජනයාට පැහැදිළි කිරීම සහ දැනට අය කරන බදු වර්ග සහ ප්රබමාණය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම (රටට හෙවත් මහජනයාට ලැබිය යුතු බදු යම්කිසි සමාගමකට බදු සහනයක් ලෙස ලබාදීමේදී එම ප්රිමාණය කොපමණද යන්න සහ ඒ මගින් මිල අඩුවීමක් ලෙස තමාට ලැබෙන සහනය කොපමණද යන්න දැන ගැනීමේ අයිතියක් මහජනයාට ඇත.)
VI. රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමිකර ගනිමින් මහජනයාගේ අත්යනවශ්ය නොවන පරිභෝජන රටාවන් දිරිමත් කිරීම වැරදි ආර්ථික ප්ර්තිපත්තියක් ලෙස මහජනයාට පැහැදිළි කිරීම සහ ඒ මගින් විවිධ භාණ්ඩ ආනයනය කරන සමාගම් විසින් රජයට බලපෑම් කොට බදු සහන ඉල්ලීමේ ප්රැවණතාවක් රටේ ඇතිවිය හැකි බව පෙන්වාදීම. (ඛණිජ තෙල් බදු අඩු කිරීම මගින් ඒවා පරිභෝජනය වැඩිවන බව සහ විදේශ විනිමය පිටතට ඇදීයැම වැඩිවන බව ඉතා නිවැරදි ලෙස මහජනයාට පැහැදිළි කෙරුන ද කිරිපිටිවලට අදාළව එවැන්නක් සිදුනොවීය. ඛණිජ තෙල් යනු ආයෝජන සහ එදිනෙදා ආර්ථික කටයුතු සඳහා ඉතා තීරණාත්මක සාධකයක් වුවත් කිරිපිටි යනු අතුරු ආහාරයක් මිස අත්යඑවශ්ය ආහාරයක් නොවේ. (කෙසේවෙතත් ආයෝජන දිරිගැන්වීම සඳහා බදු සහන ලබාදීම නිවැරදි ප්රරතිපත්තියක් විය හැක.)
VII. පසුගිය රජය විසින් කිරිපිටි කි.ග්රෑ ම් එකකට අයකළ විශේෂ පරිභෝජන බද්ද කි.ගෑ. 1කට රු. 225 සිට රු. 2 දක්වා රු. 223කින් අඩු කිරීම නිසා රජයට වාර්ෂිකව අහිමි වූ බදු ආදායම රු. මිලියන 20,000ක් පමණ විය. මෙවර වැට් බදු, තොටුපල බදු, සහ රේගු බදු සියල්ල ඉවත්කළ විට සමාගම්වලට කි.ග්රෑය 1කට රුපියල් 100කට ආසන්න බදු සහනයක් ලැබෙන අතර ඒ මගින් රජයට වාර්ෂිකව දළ වශයෙන් රු. මිලියන 9,000ක පමණ අදායමක් අහිමි වේ. මෙම තොරතුරු දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇති බැවින් ඊට අදාළ නිවැරදි දත්ත මහජනයාට ඉදිරිපත් කළ යුතුය. (කිරිපිටි ආනයනය කරන සමාගම් දිගින් දිගටම මිල වැඩිකිරීම් ඉල්ලා සිටිමින් කිරිපිටිවල බදු ඉවත් කර ගැනීම සඳහා ඉතා සූක්ෂ්ම ක්රි යාවලියක් දියත් කළ බව රටට රහසක් නොවේ.
VIII. මේ වන විට දේශියව කිරිපිටි නිපදවන පුද්ගලික සමාගම් විසින් කිරි ගොවියාට ලීටරයට රු. 100ක පමණ ඉහළ මිලක් ගොවන බැවින් ආනයනික කිරිපිටිවලදී බදු සහන ලබාදී ඒවා ප්ර චලිත කිරීම මගින් එම ක්රි යාවලිය පවත්වාගෙන යාමට නොහැකි වන බව මහජනයාට පැහැදිළි කිරීම සහ සැබෑ ලෙසම කිරිපිටි මිල දීර්ඝකාලීනව අඩු කළ හැක්කේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම මගින් වන බැවින් ඊට අහිතකර තීන්දු ගැනීම ආර්ථික උපායමාර්ගික වරදක් බව මහජනයාට පෙන්වාදීම. (මේ වන විට රජයට අයත් සහ පුද්ගලික දේශීය කිරිපිටි සමාගම් දෙකක් විසින් වාර්ෂිකව රුපියල් මිලියන 10,000ක් පමණ කිරි ගොවීන්ට සහ කිරි එකතු කරන්නන්ට ගෙවනු ලබයි. මේ මගින් ග්රාමමීය ආර්ථිකය ද උද්දීපනය වන බව ඉතා පැහැදිළි කරුණකි.)
IX. පසුගිය කාලය තුළ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ රජය විසින් ආනයනික කිරිපිටිවලට කි.ග්රෑ 1කට රු. 225ක් දක්වා විශේෂ පරිභෝජන බදු පැනවීම මගින් ආනයනික කිරිපිටි අධෛර්යවත් කිරීම සහ දේශීය කිරි නිෂ්පාදනය ධෛර්යවත් කිරීම සඳහා පියවරගත් බැවින් දේශීය කිරිපිටි නිෂ්පාදනය 4 ගුණයකින් පමණ ඉහළ ගිය බව මෙන්ම ඒ මගින් කිරි ගොවියාට කිරි ලීටරයට ලැබෙන මිල රු. 100ක් දක්වා වැඩි වූ බැවින් කිරි ගොවියා නිෂ්පාදනය වැඩි කිරීමට උනන්දු වූ බව සහ ඒ මගින් ගොවි පවුල් ලක්ෂ 5කට සෙත සැලසුණු බව මහජනයාට පෙන්වා දීම.
ඔබතුමන්ලාට තෙරුවන් සරණයි
මේ වගට,
ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

Leave a Reply