රන්ජන් කියන්නෙ බොරු වචන සෙට් එකක්- එයාට ජනපති සමාව අවශ්‍ය නැහැ – උපේක්ෂා ස්වර්ණමාලි

upeksha-swarnamali-speaks

* සම්පුර්ණ නම –
උපේක්ෂා ස්වාර්ණමාලි රජීවන්.හැබැයි රජීවන් කියන කැල්ල මගේ උප්පැන්න සහතිකයෙටන් අම්මා සම්පුරුණයෙන්ම අයින් කලා. මගේ තාත්තා යාපනේ දෙමළ ජාතිකයෙක් අපි දිගටම හිටියේ කුවෙට්.  මම ඉපදෙන්නෙත් කුවෙට්.ත මට අවුරුදු තුනේදී තමයි ඒ දෙන්නා වෙන් වෙන්නේ. තාත්තා ඊළඟට වෙනත් රටකට යනවා. අම්මා ලංකාවට ඇවිල්ලා මොනවාහරි අම්මා වැ කරන්න ගියපු දේවල් එකක් මොනවාහරි වෙච්ච ගැටළුත් එක්ක තමයි අම්මා ඒ වාසගම අයින් කරන්නේ. ඉතිං දැන් මම යන්නේ උපෙක්ෂා ස්වාර්ණමාලි කියලා විතරමයි මගේ උප්පැන්න සහතිකේ ඉඳන්ම.

* එතකොට උපන්නේ?
කුවෙට්.

* පාසල් ගියේ?
95% ක් එහේ. අනිත් 5% මෙහේ. මම ඉස්කෝල නමයකට විතර ගිහින් තියෙනවා.

* ලංකාවේ කොහේද පාසල් ගියේ?
මාස හයක් නුවර හිල්වුඩ්. මාස හයක් නුගේගොඩ රෝයල් ඉන්ස්ටියුට්.තවත් මාස හයක් කුරුණැගල එකකටත් ගියා මට නම මතක නැ.

* පවුලෙ විස්තර?

දුව විතරක් කියලා මම කියන්න කැමති. නීත්‍යානුකුලව ගත්තොත් මමයි මහතත්යයි, බබයි. අම්මා ආයිත් පිටරටක පදිංචි. හැබැයි වාර්තමානයේ මගේ වාහලේ යට මායි මගේ දුවයි විතරයි.

* ඔබ ජිවිතේ රැකියාවල් කලාද?

කරලා තියෙනවා. අම්මා මට කවදාවත් නිකන් ඉන්න දුන්නේ නැ. කුවෙට් වල ඉස්කෝලේ නිවාඩු දෙන්නේ මාස තුනක් එකදිගට. එතකොට අපි ගොඩක් වෙලාවට ලංකාවට එනවා.  ඒ ආපු ටිකටත් part time මොනවා හරි කරන්න එහෙම නැත්නම් කෝස් එකක් කරන්න මම කවදාක්වත් නිකං ගෙදර ඉදලා නැහැ.ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ඩාන්සින් පැත්තෙන් හම්බු කළා.  dancing group එහෙක කුවේට් වල හිටියා  .මම ඔෆිස් එහෙක වැඩ කරනවාටත් වඩා මුදලක් එකෙදි හම්බ කරල තියෙනවා .

 a/l වලින්  පස්සෙ මම කෙලින්ම manpower company එහෙක reception කෙනෙක් විදියටත්  secretary කෙනෙක් වශයෙනුත් මම යම් කාලයක් සේවය කළා. .ඊලඟට මම වැඩිදුර අධ්‍යාපනයට ලංකාවට එනවා ඕස්ට්‍රේලියා යන්න .ඉතින් ලංකාවට ආපු කාලෙත් මම pizza hut එක වැඩ කරන්නත්  මම නිකමට ඔලුව දාලා බැලුවා .ඒ අර නිකන් ඉන්න බැරිකමට. හැබැයි ලංකාවේ පඩි දැනගත්තට පස්සේ කුවේට් වල ගත්ත පඩිය ගන්න බෑ කියල මට තේරුණා  .ඉතිං ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න අතරේ වැඩි දවසක් යන්න කලින් මම රංගනයට යොමු උනා එදා ඉඳන් අද වෙනකන් රංගනයම තමයි.

*ඔබට ව්‍යාපාර තිබෙනවා ද ?

නැහැ කරන්න බයයි. අපේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න බයයි .මම කරන්න ආසයි .එ රැකියා උත්පාදනයට ,නිර්මාණශීලීකම ඒකට මම ආසයි. නමුත් මං ආසයි මම නැතුව තව කවුරු හරි මැදිහත්කරුවෙක් අර මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න කෙනෙක් ඉන්නවා නම් මම කැමතියි ..මට තිරයේ පිට පස්සේ ඉදන් නිර්මාණශීලී පැත්ත හැන්ඩ්ල් කරන්න පුළුවන් හැබැයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න බයයි .

*හොඳ පාඩම් ඉගෙන ගෙනද තියෙනවාද?
 ඔව් වැඩියි නේද ඉගෙන ගත්ත පාඩම් .

*පළවෙනි ටෙලි නාට්‍ය නාට්‍ය මොකක්ද ?

සුදීරා කියලා බෙනට් රත්නායකගෙ.මට මේන් රෝල් එක තමයි හම්බ වුනේ. මම අවුරුදු කුමාරි තරගයෙන් ජාතික රූපවාහිනීයේ දෙවන ස්ථානයේ දින්නට පස්සේ .හැබැයි මගේ සිංහල උච්චාරණය හොඳටම අවුල්. හැබැයි මගේ රංගනය එදා හොඳට තිබ්බා .හැබැයි එක දවසකට අර දර්ශන විස්සක් විතර ගහනවානේ. ඉතින් එදතං එදත් බෙනට් රත්නායක මහත්මයා ඒ කාලෙත් එහෙම තමයි. මගේ සිංහල ප්‍රශ්නෙත් එක්ක දවසකට සීන් හතරක් වගේ තමයි කරගන්න පුලුවන් උනේ.ඊට පස්සේ එතුමා තේරුම් ගත්තා මේක බජට් එකට ප්‍රශ්නයක් වෙනවා ටෙලි නාට්‍යයක් කරන්න හම්බ වෙන්නේ නෑ කියලා කොච්චර දක්ෂ වුණත් .ඊට පස්සේ මට මේන් රෝල් එක නැතිවෙලා පොඩි කැරට් එකක් ගියා .දෙවැනි නාට්‍යයෙන් තමයි මං ඉස්සරහට ආවේ .

*මේ වෙනකොට ටෙලි නාට්‍ය කීයක් රංගනයෙන් දායක වෙලා තියෙනවා ද?
 
ගණන් කරන්න කැමති නෑ කම්මැලියි ගණන් කරන්න . 10, 15 ක වගේ .ලොකු ප්‍රමාණයක් කියලා කියන්න අමාරුයි .මොකද මගෙ පබා නාට්‍යයෙන් මට ලොකු කාලයක් වැය වුණා.  ඉතින් කාලය මදි කමක් තිබ්බා .

*එතකොට සිනමා නිර්මාණ ?

ගොඩක් නැහැ.මේන් කරපු ඒව දෙකක්.අනිත් ඒවා supporting කලේ .ඒවත් දහයට අඩුයි මම දන්න තරමින් .

*ජීවිතය ලැබුණු ඇගයීම් ?

සුමති සම්මාන උළෙලේ නැගී එන නිළියට ලැබුණා .හැබැයි ඒ සම්මානයවත් මෙහෙම කැබිනට් එකේ තියන්න තිබිලා නැහැ කෑලි වලට කැඩිලා ගියා ලොකු අවුලක් එක්ක .ඒක විතරයි. ඒක ගත්ත අවුරුද්දේම තමයි මම දේශපාලනයටත් පිවිසෙන්නේ .බොහොම දුකින් කියනවා මම දේශපාලනයට ගියේ නැත්නම් තව බොහෝ දේ දිනා ගන්න තිබ්බා .

*ඔයාගෙ ජීවිතේ turning point  එක වුනේ පබා ද  චන්චලා ද ?

චංචලා නේද.. මගේ හිතටත් හරිම සමීපයි. මම පෞද්ගලිකවම වීදි නාට්‍යයක් ද වෙළඳ දැන්වීමක් ද මෙගා නාට්‍යයක් ද චිත්‍රපටයක් ද කියලා මට අදාළ නැහැ රංගනය කොතනක යෙදුණත් ඒක මගේ හිතට මගේ උපරිමයෙන් මම දායක වෙනවා නම් ඒකට සාධාරණයක් වෙනවා ද අන්න ඒකයි මට ඕනේ. ඉතින් චන්චලා තමයි මගේ මුල්ම සංධිස්ථානය විදිහට මම හඳුන්වන්නේ.මම ඒක පෞද්ගලිකවම අදටත් රස විඳිනවා .

*චංචලා මතක් වෙද්දි දැන් මොකද හිතෙන්නෙ ලැබුණු ජනප්‍රියත්වය ගැන?
 
ඒ කාලේ මම මලිත්ට තමයි එස්එම්එස් කළේ  සුපර්ස්ටාර් එකේදි .ඒකත් සුවිශේෂී අත්දැකීමක්. ඒ වෙද්දි මට අවුරුදු විසි එකයි .මම ලංකාවටත් අලුත් .ඒ දවස් වල ඒත් මට ඒක ලොකුවට දැනුනේ නැහැ ජනප්‍රියයි කියලා මට තේරුනේ නැහැ .අද ලොකු වටිනාකමක් දැනෙනවා. නමුත් ඒ වටිනාකමට සාධාරණත්වයක් මට කරන්න හම්බ වුනේ නැහැ මගේ ජීවිතේ ඊට පස්සේ මම ගත්ත තීන්දු තීරණ නිසා .රංගන ශිල්පිනියක් විදියට මට බොහෝ දේ කරන්න තිබ්බා එක මට මිස් වුණා එක ගැන මම ගොඩාක් කනගාටු වෙනවා .හැබැයි ඒ ආදරේ මම අදටත් භුක්ති විඳිනවා

මම ගත්ත තීරණ එක්ක මට ගොඩක් වෙලාවට මිනිස්සු දොස් කියනවානේ .මම හැමතිස්සෙම කියන්නෙ ඒ අය මට අවංකවම ආදරේ කරපු හින්ද තමයි ඒ අය මට බනින්නේ. ඕක මම මගේ පෞද්ගලික ජීවිතයට අදාළ කර ගත්තොත් මම වැඩියෙන්ම ආදරේ කරපු මගේ පෙම්වතාට තමයි මම වැඩියෙන්ම වෛර කරන්නේ එ තියරි එකමයි .ඉතිං ඒ ආදරේ වෛරකින් හරි මිනිස්සුන්ගෙන් මට දැනෙනවා .ඒ ප්‍රතිචාර තාම මට තියෙනවා .මම අද මෙගා ස්ටාර්ස් කියන නර්තන වේදිකාවේ ඉන්නවා. සෝෂල් මීඩියා එකේ කමෙන්ට් කියවනවා ෆීඩ්බැක් තියනවා. ඒ ආදරය වෙනස් පැතිකඩ වලට හැරුණත් තාම තියෙනවා.

*මතකද පබාව ?

ඔව් මතකයි .බලාපොරොත්තු වුණේ නෑ චංචලා ගෙන් වගේම අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ තවත් එක නාට්‍යයක්. ඇඳුම් තිබුනෙත් නෑ ගෙදර තිබ්බ ඇදුම් ටිකක් උස්සගෙන ගිහිල්ලා කළේ..හරිම ප්‍රාථමික විදිහට කරපු නාට්‍යයක්. හැබැයි මම විශ්වාස කරනවා ජනප්‍රිය කලා ක්ෂේත්‍රයේ හෝ යම් තැනකට එන්න අපිට පිනක් තියෙන්න ඕනේ. මට වඩා දක්ෂ ලස්සනයි ගොඩක් අය මේ සමාජයේ ඉන්නවා .නමුත් හැමෝටම එහෙම එන්න බැහැ.මම උනත් මගේ ජීවිතේ බලාපොරොත්තුවෙන් හිටියේ වෙන දෙයක්. මම රංගනයට එන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි. මම ගෘහණියක් වෙන්න අසාවෙන් හිටියා මැනෙජ්මනට් ඉගෙන ගන්න ආසාවක් තිබ්බා .නමුත් දෛවය විසින් මගේ පෙර පිනක් එක්ක මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණා .

දේශපාලනයදී මම මුලින්ම අඩිය තියනකොට එක දහ දෙනෙක් එකතු කර ගන්න බැරි උණ රැස්වීම් වලට පන්සිය දාහ ආවා .ඒ ආවෙ පබා නිසා  .හැබැයි පබා නිසාම කියන්නත් බැහැ.අද මම මේ ඉස්සරහ කතා කරනවා වගේ එදත් කතා කළා මිනිස්සුන්ට දැනිච්ච දෙයක් තියෙනවා.ඉතිං ඒකට මිනිස්සු ආදරේ කරනවා.

පෞද්ගලිකව උපේක්ෂාටත් යම් ආදරයක් මිනිස්සුන්ගෙ හිතේ තිබ්බා .ඉතින් එවකට සිද්ධීන් ගොඩක් වුණා පබා නාට්‍යයෙන් මාව අයින් කළා මම විපක්ෂයෙන් නේ ඉල්ලුවේ  ආණ්ඩු පක්ෂයේත් තිබිච්ච බලපෑමත් එක්ක. මම කාටවත් දොස් කියන්නේ නැහැ දේශපාලනය කියන්නේ ඕක තමයි දේශපාලනයට එනවා නම් නහයෙන් අඩාගෙන එන්න බැහැ. ඒ ගැටළු වලට ඒ අභියෝගවලට මුහුණ දෙන්න හිතේ ශක්තිය අධිෂ්ඨානය තියාගන්න ඕනේ..ඉතින් මිනිස්සු ඔය අදරේ පෙන්නුවේ පබාට විතරක් නෙමෙයි කියන තැන මම ඉන්නවා .පබා ලොකු සාධකයක් වුණා පැහැදිලිවම .

*ඔබ දැන් වැඩසටහන පටන් ගන්නකොටම ඔබේ තාත්තා ගැන කතා කලානේ ..ඔය තොරතුර ගැන කවුරුත් දන්නේ නෑනේ වැඩිය ඔබේ තාත්තා යාපනයේ දමිළ ජාතිකයෙක්  කියන එක ඇයි ඔබත් ඒක අත හැරියා ද ?

මම තාත්තා ගැන කතා කරන්න හරි ආසයි. මම දේශපාලනය කරනකොට සංහිදියාව කියන එකට මම හොඳ උදාහරණයක් විදියට මම දකිනවා .ඇත්තටම කිව්වොත් මම මගේ තාත්තව දන්නෙ නැහැ මට අවුරුදු හතර වෙනකම් පින්තූර තියෙනවා ආශ්‍රයක් නැහැ. මම දැන් තමයි දන්නෙ අවුරුදු දෙකට කලින් කැනඩාවට  ෂො එකකට ගියා .ඉතිං කවදාක්වත් ආශ්‍රයක් තිබුනෙ නැති තාත්තගේ අක්කයි අක්කගේ දුවයි ෂෝ එක බලන්න ඇවිල්ලා මට ඇවිත් කතා කළා .

මම හිතන්නේ අවුරුදු තිස් ගානකට පස්සේ තමයි මට එයාලව මුණ ගැහෙන්නේ .හැබැයි මගේ තාත්තා මාත් එක්ක කතා කරන්න කැමැත්තෙන් හිතුවේ නැහැ. ඒකට හේතුව තාත්තගේ දැන් වර්තමානයේ ඉන්න බිරිඳ කැමති නැහැ අපිත් එක්ක ගණුදෙනුවක් තියා ගන්නවට. මට ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද ඒ ගොල්ලන්ගෙ පවුල් ජීවිතේ හරි ලස්සනයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.ඉතිං අපේ පවුලට වෙච්ච හානිය මම ඒ පවුලට කරන්න කැමැති නැහැ.මට තාත්තා ගැන කතා කරන්න ලොකු දෙයක් දන්නෙ නැහැ.

හැබැයි බොරු කියන්න ඕනෙ නැහැ මගේ ඇඟේ ඒ දමිළ තාත්තගේ සිංහල අම්මගේ ලේ දුවනවා කියන ඒ හැගීම මට වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ .ජාන වලින් අපි ගෙන යමක් තියෙනවා .මගේ අම්මා මට කියනවා තාත්තගේ ජාන තමයි ඔයා වැඩ කරන්නේ කියලා මම ඒකට හරි ආසයි. මම දෙමළ දන්නෙත් නෑ. හැබැයි මම ආසයි .මම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා එහෙම තීරණයක් අරගෙන  මාව හැදුවට.

 
*තාත්තව ඔබට කවදා හරි මුණ ගැහුනොත් මොනවද ඔබ කියන්නේ ?

ඒ දැනුම ලස්සනට කසාද බැඳලා ගොඩක් සතුටින් හිටියා. පින්තූර තියෙනවා ඒවට. ඉතින් මාව හැදුවට ස්තුතියි කියනවා. එයාව තේරුම් ගන්න මට බැරි කමක් නැහැ. තාත්තා වගකීම් පැහැර හැරියා යම් හේතු සාධක මත ඔයිට වඩා එයාට ශක්තිමත් වෙන්න තිබ්බා. නමුත් යම් යම් හේතු මත එයා අසර අසරණ වුණා. එයා දුර්වල වුණා ඒකට මට අනුකම්පා කරන්න පුළුවන් මන් දන්නේ නෑ ඇයි කියලා. මං තාත්තට වෛර කරන්නේ නැහැ..ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මා තාත්තා රිප්ලේස් කරන්න බැහැ කාත් එක්කවත්.ඉතිං ඒ හැඟීම ඒ විදියටම මට තියනවා .

*ඔයා අම්මා වගේද තාත්තා වගේ ද ?

කවලමක් .ජාන වලින් පුරුද්දට ගිය ගොඩක් දේවල් තියනවා .මගේ අම්මාගෙන් ආපු ගොඩක් දේවල් තියනවා. නමුත් අම්මට වෙනස් ගොඩක් දේවලුත් තියනවා. මම හොස්ටල් වල බෝඩිං වලත් හැදුනානේ. ඉතින් මගේ ක්‍රියාකාරකම් ගොඩක් අම්මාගෙන් වෙනස්. ඉතිං ඒ වෙනස් තැන්වලදි අම්මා කියනවා තාත්තා වගේ.

*ඔබේ දියණියගේ වයස කීය ද ?
අවුරුදු හතරයි.

*ඔබේ ළමා කාලය සහ ඔබේ දියණියගේ ළමා කාලයේ ගත්තම ඔබේ අම්මා ඔබත් එක්ක හිටපු හැටි ඔබව හසුරවපු  හැටි ගත්තහම ඊට වඩා  ඔබ දියණියව හසුරවන විදිහ වෙනස් ද නැත්නම් ඒ වගේද?

හාත්පසින්ම වෙනස්.මගේ අම්මට මම ආදරෙයි.මම දන්නෙ නැති මගේ තාත්තට ආදරේ නම් මගේ මට යෝධ හයියක් වෙච්ච අම්මට මම ආදරෙයි. හැබැයි එහෙමයි කියලා අම්මගේ අඩුපාඩු නැහැ කියලා කියන්න බැහැ. මගේ අම්මා විතරක් නෙමේ මේ ලෝකේ ඉන්න සියලුම සින්ගල්  පෙරනස්ලා ඒ කියන්නේ තනිවෙච්ච දෙමව්පියන් යටතේ ළමයෙක් හැදෙනවා නම් එක ලේසි නැහැ. දරුවෙක් හරියට හදන්න නං අම්මයි තාත්තයි සිටිය යුතුමයි .අම්මගේ කොටස තාත්තට කරන්න බෑ. තාත්තගේ කොටස අම්මට කරන්න බැහැ .ඒක තමයි යථාර්ථය .single parent කොන්සෙප්ට් කියන එක ෆෙල් .ඒක සීයට දෙසීයක් ෆේල් .ඒකට  මම අනුබල දෙන්නේ නැහැ .ඒක අපි සියලු දෙනා වැඩිහිටියෝ හැටියට මොලේ පාවිච්චි කරලා අපේ සීමාවන් අඳුරගෙන අපේ වටපිටාව අඳුරගෙන  අපේ වගකීම අඳුරගෙන දරුවන්ට ප්‍රමුඛත්වය දීලා අපි දරුවා රැක බලා ගන්න ඕනේ.

අපි කසාද බැඳලා  ළමයෙක්ව මේ ලෝකෙට ගෙනාවනම් අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ.හැබැයි අවාසනාවකට අද බහුතරයක් බිඳිච්ච පවුල් තියෙන්නේ .ඉතින් එතනිනුත් සියයට හැත්තෑ ගානක් වගකීම් ඉෂ්ඨ කරන්නේ අම්මලා .මගේ වගේ. මගේ තාත්තෙ එක රුපියලක්වත් මට වියදම් කරල නැහැ අවුරුදු හතරේන් පස්සේ .අමාරු වුණාම මගේ අම්මා අසරණ උන තැන් බොහෝයි.මගේ අම්මා පව් .අම්මට කියලා කිසි දෙයක් තියාගන්න නැතුව පරිත්‍යාග කරන කෙනෙක්. එයා මට වඩා ගොඩක් හොඳයි .

මට අවුරුදු හතර ඉඳන් තාත්තා අයින් වෙච්ච කාලේ ඉඳන් මම අම්මගේ රැකවරණය ඇතුව නෙමෙයි හැදුනේ .මගේ අම්මා මාව ඥාතීන්ගේ තැන් වල දානවා .ඉස්කෝලේ යන්න පටන් ගත්තහම hostels වල බෝඩිම් වල හිටියේ.ඉතින් අම්මා ආරක්ෂාව තියෙනවා කියලා හිතන තැන් වලට මාව මාරු කර කර හැදුවේ .

*කියන්න ඒ අම්මගේ රැකියාව නිසා ද ?

නෑ. අම්මට සමහරක්විට මාව රකින්න බැරුව ඇති කියන බයක් තියෙන්න ඇති අම්මට full  time අම්මගේ ආර්ථිකය ගැන හිතන්න ඒ නිදහස අම්මා හදා ගන්න ඇති කියලා මම හිතනවා .මට ඕන කරපු ආදරය මග පෙන්වීම ලැබුණේ නැහැ. ඒක හාත්පසින් කණපිට හරවනවා මගේ දුවත් එක්ක. මගේ දුව මගේ හෙවන යටමයි හැදෙන්නේ .හැබැයි මම ගොඩක් දුරස් වෙලා හොස්ටල් වල මම ගත්ත එක්ස්පීරියන්ස් එක මගේ මගේ දුවට අවුරුද්දක් දෙකක් ඇතුළත මම දෙන්න කැමතියි හොඳ හොස්ටල් එක.

ඉතින් ඇය හොස්ටල් එකේ හිටියත් ඇයට දෙන්න ඕන ආදරය රැකවරණය මම ඒ විදිහටම දෙනවා. අදටත් මගේ දුවට අවුරුදු හතරක් උනාට ලිංගික අපචාර ගැන මම දුවට කතා කරලා ඉවරයි . මම මගේ දුවට කියනවා. කවුරු හරි මොනව හරි කියන්න හරි කරන්න හරි ආවොත් මට කියන්න කියලා මම කියනවා .මං ඒ විදියට දුවව දැන්මම දැනුවත් කරලා තියෙන්නේ .මගේ අම්මා මට කිරි දීලා නැහැ ගොඩක් කල් .අම්මට මොකක් හරි මානසික දෙයක් වෙලා අම්මට කිරි දෙන්න පුළුවන් කමක් තිබිලා නැහැ .මං මගේ මගේ දුවට අවුරුදු හතර හමාරක් කිරි දුන්නා .මට මගේ අම්මා එකවෙලාවක කිව්වා කිරි දෙන එක නවත්තන්න කියලා .නමුත් මම මගේ අම්මාට පටහැනි වෙලා මම ඒ දේ කළා. ඔය උදාහරණ දෙකක් විතරයි මම කිව්වේ. ඍය වගේ කියන්න තම තව ගොඩක් දේවල්.මගේ හිතට එකඟව තමයි මගේ දුවගේ වගකීම ඉෂ්ට කරන්නේ.


*ඔබේ දේශපාලන ජීවිතයේ ගත්තත් ලංකාව තුළ සෑහෙන්න ප්‍රවෘත්ති මවපු කෙනෙක් ඔබ .ඔබ වාසනාවන්ත වෙනවා පාර්ලිමේන්තුවට යන්න. හැබැයි කොයි තරම් දෙනෙක් නම් උත්සහ කරලා යන්නත් බැරි වෙනවද ඒ අතින් ගත්තහම ඔබ හරි වාසනාවන්තයි.මතකද මුලින්ම පාර්ලිමේන්තුවට ගියපු දවස ?

බුදු අම්බෝ මතකයි මම ගොඩක් බය වුනා .මගේ පසුබිමේ දේශපාලනය කියන එක ඇත්තෙම නැහැ .කොටින්ම කියනවා  නම් ඒ දේශපාලන කියන වචනයවත් භාවිතා වෙන්නේ නැහැ .ඇත්තටම දැන් ඡන්දෙ කාලෙදී වේදිකාවල  වල කෑගහපු විමල්  වීරවංශ ඇමතිතුමා හරි ඔය චරිත දැවැන්තයින්.  සෙනග පිරිවරාගෙන යටි ගිරියෙන් කෑ ගහනවා කියන්න තියෙන හැමදේම කියනවා තේරෙන්නැති දේවලුත් කියනවා තේරෙන දේවලුත් කියනවා .දැන් මේ ඔක්කොම දැවැන්ත චරිත ටික ඉඳගෙන ඉන්නකොට මට පේනවා ජනාධිපතිතුමයි ඔක්කොම ඉන්නකොට මම ඉන්න කොට මම හොඳටම බය වුණා. දිවුරුම් දීලා එළියට ආවට පස්සේ මම අතරමං වුණා .මම කොච්චර බය වුනාද කිව්වොත් මගේ එවකට පළවෙනි කසාදේ බැඳලා හිටියේ මගේ එවකට හිටපු ස්වාමිපුරුෂයා හොයාගෙන මම අතරමං වුණා .එදා මීඩියා එකේ ඒක කිව්වා .එ බය අවුරුද්දක් දෙකක් විතර තිබුනා ඇත්තටම ..

*පාර්ලිමේන්තුවෙන් අවසානයට එලියට ආපු දවස මතකද ?

නැහැ..  හේතුව මගේ උපන්දිනෙත් දවස තමයි මට මැසේජ් එකක් ආවේ පාර්ලිමේන්තුව විසුරවනවා කියලඅපි  .කලින් දැනගෙන හිටියෙ නෑ පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා .අවුරුදු හයෙන් තියන ටර්ම් එක අවුරුදු පහෙන් වෙනස් වුණා .එහෙම ඉතින් විශේෂයක් කියල මතක නැහැ .


*පාර්ලිමේන්තුවට ගිය උපේක්ෂ ද පාර්ලිමේන්තුව අවසන් වෙන කොටත් හිටියේ මොනවද වෙනස්කම් ?

මට පාර්ලිමේන්තුවට යනකොට දැනුමක් තිබ්බෙ නැහැ. එක්ස්පීරියන්ස් නැහැ .නමුත් ඒ දෙක හම්බ වුණා.

*මොනවගෙ එක්ස්පීරියන්ස්ද හම්බ උනේ?

පාර්ලිමේන්තුවේ මොනවද කරන්නේ කියන එක ගැන මම දැනගෙන හිටියේ නැහැනේ. ව්‍යවස්ථාව මොකක්ද වගකීම මොකක්ද මොනවත් දැනගෙන හිටියේ නැහැ හිටියේ නැහැ ඒක දැනගත්තා .මිනිස්සු මට දොස් කියන්නෙත් ඒකයි මම දෙරණ 360 වැඩසටහනට ගිහිල්ලා මට දැනුමක් නැහැ කියන එක ඔප්පු වුණා.හැබැයි ඒ වැඩසටහන කවුරු හරි හරියට බැලුවොත් ටිකක් අමාරුවෙන් බලාගෙන ඉන්න වෙයි හැබැයි බැලුවොත් මගේ අවංකකමත් පේනවා .හැබැයි අපේ සමාජය අවංකකම බල්ලට දාන සමාජයක්. රැවටිල්ලට රැවටෙන සමාජයක් ඉන්නේ .හැබැයි මගේ අවංක කම එතන තිබුණා.

*ඔබේ වැඩසටහනට ගියපු ඒ ගැන පසුතැවෙනවා ද ?
නැහැ.
 
*පසු තැවෙන අවස්ථා තියෙනව ද ?

මට මගේ අවංකකම එතන තිබ්බා .අද ස්වාමිපුරුෂයායි බිරිඳයි අතර අවංකකම නෙමෙයිද බලන්නේ .අව්‍යාජකම නෙමෙයිද බලන්නේ?  විශ්වාසය නෙමෙයි ද බලන්නේ ? ඉතින් ඒක එදා එතන තිබ්බා මට දැනුම තිබ්බෙ නැහැ .අද දැනුම කියන එක ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් . අද මගේ දුවට ඕනනං ව්‍යවස්ථාව කියන්න මොකක්ද කියලා කියලා දෙන්න පුළුවන්.  දැනුම කියන දේ අපි ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. නමුත්  ගුණ යහපත් කම් කියන දේ ගන්න බැහැ .අපි දේශපාලනයට අවංකව ආදරෙයිද? අපි එකට ගරු කරනවා ද ?අපි සියලු දෙනා සියට සීයක් ඒක අග යනවද? මේ රටේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා .එතකොට මේ අද දේශපාලනය කරන්නේ දේශපාලනය දන්නෙ නැති අය ද ? අද ඉන්න 225 ක් දැනුමෙන් අපොහොසත් ද ?දැනුමෙන් අපිට හිතාගන්න බැරි තරම් පොහොසත්. නමුත් මේ රටට විය යුතු දේ වෙන්නේ නැහැ .ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නෙ.

මම ඉල්ලීමක් කරන්නේ ඒවා චුට්ටක් අඳුර ගන්න .එදා මට තිබුනෙ නැති දැනුම අද මට දේශපාලනයෙන් ඉවත් වෙන කොට තිබුණා .හැබැයි මට වෙච්ච අවාසියක් තමයි මගේ පළවෙනි කසාදෙ ගොඩාක් ප්‍රශ්න වුණා .මම පක්ෂ මාරු කලේ කැමැත්තෙන් නෙමෙයි .දේශපාලනයට ගියොත් කැමැත්තෙන් නෙමෙයි. එක දේශපාලනඥයන්ගේ කිසි වරදකුත් නෙවෙයි එ අයගේ බලපෑම් මොකුත් නෙමෙයි.අතිශයින්ම පෞද්ගලික හේතුවක්.

*එ කියන්නේ  එවකට හිටපු ස්වාමියා ද ?
අතිශයින්ම පෞද්ගලිකයි .මම අද වැඩ සටහනේ දී කාගෙවත් නම් අරගෙන මඩ ගහන්න කැමති නැහැ ..තනි අතින් අප්පුඩි ගහන්න බෑ .අතිශයින් ඒ පෞද්ගලික බලපෑම තියෙද්දිත් මම තීරණ ගත්ත තැනක් තිබ්බා .

*දේශපාලනයට ඒම සහ පක්ෂ මාරු කිරීම ඔය දෙක තමයි ප්‍රබලම සංධිස්ථාන දෙක .එතනදී ඔබට චන්දෙ දීපු ආයම ඔබට විවේචන එල්ල උනා නේ?

ඔව් ඒ ඡන්දෙ දීපු අය මට නැති වුණා වගේම ඒ කාර්ය මණ්ඩලයක් මට නැති වුණා. එතකොට මගේ ස්වාමියා මට දෙවෙනි අවුරුද්දේ නැති වෙනවා. ඊට පස්සේ මමදේශපාලනයෙන් අයින් වෙන්නත් හිතනවා .හැබැයි මගේ ළඟ හිටපු දෙතුන් දෙනා මගේ හිත දිනාගෙන නෑ අපි කරමු කියනවා. එතකොට 4 හතරවෙනි අවුරුද්දක් මම අලුත් කාර්ය මණ්ඩලයත් එක්ක මම යම් දෙයක් කරන්න උත්සාහ කළා .

මම ආසන සංවිධායක ධූරයක් ඉල්ලුවා. ප්‍රැක්ටිකලි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ආසනයක් නැත්නම් වැඩ කරන්න අමාරුයි. විශේෂයෙන් ගම්පහ දිස්ත්රික්කයේ. ලංකාවේ වැඩියෙන්ම ජනගහනය ඉන්න දිස්ත්‍රික්කය .නිකන්ම මන්ත්‍රී කෙනෙක් උනහම විමධ්‍යගත අරමුදල් හම්බවෙන්න පොඩ්ඩයි. එකෙන් මිනිස්සුන්ට වැඩ කරන්න බැහැ. එතකොට මම ආසනයක් ඉල්ලූ හ ම මට ඇත්තටම මහින්ද මහත්තයා ආසනයක් දුන්නේ නැහැ. එතුමාට මොන හරි සාධාරණ හේතුවක් ඇති . ඉතින් අවුරුදු හතර පොඩ්ඩක් නාස්ති වෙනවා හැබැයි  පස්වෙනි අවුරුද්දෙ මම ඇත්තට යමක් කළා. ඒත් දිස්ත්‍රික්කය පුරාවටම.ඉතින් මට දේශපාලනයෙදි මට කරන්න ඕන දේ මට හරියට කරන්න හම්බ උනේ නෑ අර හේතු මත .

*ඔයාට අද හිතෙන විදිහට දේශපාලනයේ දී වඩාත් තීරණාත්මක ම තීරණය  දේශපාලනයට පිවිසීම ද නැත්නම් පක්ෂ මාරු කිරීම ද….?
                                   “පක්ෂ මාරු කිරීම ….මොකද මම හොඳාකාරවම දන්නවා යු.එන්.පී එකෙන් ඡන්ද ඉල්ලුවහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් මට කැමැත්තෙන් හිටියා…එදා 18 වෙනි සංශෝධනයෙන් තමයි එහෙම වෙනසක් උනේ …පක්ෂ මාරු කරපු නිසාම තමයි පක්ෂ මාරු කලේ නැත්තන් මගේ හිටපු කාර්ය මණ්ඩලය මැති මට හොඳ දේශපාලනයක් කරගන්න මට ප්‍රබල තරුණ පිරිමි ළමයි කට්ටියක් හිටියා ඒ කට්ටියක් නන්නත්තාර වුනාද කියලා ඇත්තටම මට වෙලාවකට හිතෙනවා….ඇත්තටම පව් මම ඒ කරපු දේ වැරදි ….”

*ඒ වෙලාවේ ප්‍රචාරය වුණා නේද සෑහෙන්න ලොකු මුදලක් හම්බවුණා කියලා කීයක් විතර හම්බ වුණාද …?
                                 “මෛත්‍රී පහළ ජනාධිපතිතුමාගේ කාලයේ එතුමා ප්‍රසිද්ධියේම කිව්වා  19 වැනි සංශෝධනය සම්මත කර ගන්න යනකොට ඇමතිවරු බර ගානක් ඉල්ලනවා මන්ත්‍රීවරු බර ගණනක් ඉල්ලනවා හැබැයි ඔය කාටවත් දෙන්නේ නැහැ කැමති කෙනෙක් ඡන්දෙ දෙන්න කියන එක තමයි  එතුමා කිව්වේ …එතකොට ඒකෙන්ම ඔප්පු වෙලා ඉවරයි මම කියන්න ඕනෙ නැහැ…ජනමාධ්‍යයේ ම එතුමා කිව්වා .. මම ඒකට ගරු කරනවා  ඇත්ත නේ අවංකයි….මම පක්ෂ මාරු කරද්දි එහෙම දෙයක් වුනා කියල  තියෙනවා හැබැයි මම දැක්කේ නැහැ ….මේක කවුරු කොහොම විශ්වාස කරයිද කියලා කියලා මම දන්නේ නැහැ  මම එහෙම කරානම් මීට වඩා යමක් භුක්ති විඳින්න අවශ්‍යයි…අපේ අම්මා 1988 දී ගත්ත ගෙදර තමයි මම අද නැවතිලා ඉන්නේ….මම පදින්නේ wagon r එකක් ඊයේ පෙරේදා ගත්ත මගේ ජීවිතේ ගත්ත පලවෙනි වාහනේ….කවුරු හරි හිතයිද දන්නේ නෑ සල්ලි තියාගෙන හංගගෙන ඉන්නවද කියලා …මම ගත්ත දෙයක් නැහැ නමුත්  අපි ඒ නම ඉස්සරහට දාලා යටින් ගේම් ගහන ගේම් ගහන අය ඉන්න පුළුවන් ඒකට මට ඍජුව ඇඟිල්ල දික් කරලා තියන්න බැහැ ….මට කියන්න තියෙන්නේ මගේ මුළු ආත්මයම විනාශ වුණා එකෙන්….”

*කොහොමද කුවේට් වල ගත කරපු ජීවිතේ ..?
                              “හරි සරලයි හරිම ලේසියි …අවුරුදු විසි එකක් හිටියා කිසිම කරදරයක් උනේ නැහැ …හරිම සැහැල්ලු හැම අතකින්ම පෝෂණය වෙච්ච ජීවිතය ව්ඳිච්…හරිම සුන්දර කාලයක් ඇත්තට ම …”

*කුවේට් වල ජීවිතය ලංකාවේ ජීවිතය ගත්තම ?

                      “අහසට පොළොව වගේ හැබැයි ඉතින් බොරු කියන්න ඕන නෑ ලංකාවෙ තියෙන පීඩනේත් වෙන රහක් තියෙනවා…අදටත් මට රට යන්න අවස්ථාව තියෙනවා හැබැයි මට යන්න බැහැ වගේ…”

*ඔබ ලංකාවට එන්නෙත් ඕස්ට්‍රේලියාවට යන්න ඇයි ඒක වෙනස් උනේ…?
                      “කරුමෙටම  රඟපාන්න ආපු හින්දා …දෛවය තමයි ඉතින්…මට විතරක් නෙමේ අපි හැමෝටම සමහරක් වෙලාවට ජීවිතේ හිතන තැන් වලට යන්න බැහැ …”

*දැන් අදහසක් නැද්ද දුවත් එක්ක කවදහරි විදෙස් ගත වෙන්න …?
                   “මම කුවේට් වල හැදුනේ හින්ද තමයි මේ සමාජෙත් එක්ක හරියට face කරන්න බැරි වුනේ…දියුණු රටක හැදෙනවා නම් දියුණු රටක ම ජීවත් වෙන්න සමහරක් අය ඉන්නවා තමන්ගේ ළමයි ව දියුණු රටවල් වල හදලා මේ වගේ නොදියුණු රටවල් වල අතාරින්න එපා…මම ආස මේ වගේ දියුණු වෙමින් පවතින රටක කියලනේ අපි කියන්නේ හැබැයි මම නම් කියන්නේ නොදියුණු යි කියලා අපි දියුණු වෙලා හිටිය ඉස්සර මම අහපු දේවලුත් එක්ක දැන් මේ යන ප්‍රපාතෙත් එක්ක දියුණු නැහැයි කියන තැන මම ඉන්නවා …මේ වගේ සමාජයක මම දරුවාව හදන්න කැමති මොකද මගේ දුව පදං වෙනවා…හැබැයි උපාධියකට දරුවා අනිවාර්යෙන් රට යා යුතුයි…මෙහෙ කැම්පස් යවන්න මගේ බලාපොරොත්තුවක් නැහැ ඇත්තටම….පස්සේ එයා කැමති නම් දිගටම එහෙ ඉන්න පුළුවන් ඇත්නම් මෙහෙ එන්න පුළුවන් මම එයාට බලපෑම් කරන්නේ නැහැ….”

* ඔබේ ජීවිතයේ ඔබට මඟ හැරුණේ මොනවද….?
                 “උපාධිය සම්පූර්ණ කරපු නැති එක….ලොකු පාඩුවක් හැටියට මම හිතනවා …නීතිඥය උපාධියක් කරන්න මම අවතීර්ණ වුණා පස්සේ ඉතින් ලව් සික් එක අර සික්එකයි මේ සික්එකයි ගහලා මේ අනම් මනම් ඔක්කොමත් එක්ක බලාපොරොත්තු වෙච්ච විදිහට ඒකට මුහුණ දෙන්න බැරි වුණා ….ඒක එකක් …දෙවෙනි එක නොගැලපෙන කසාදයක් කරගත්ත එක….වැරැද්දක් කියනවා නෙවෙයි මට ගැළපෙන්නෙ නැහැ ඇත්තටම….අම්මා තාත්තාගේන්  නැති ආදරයක් එයා මට පෙන්නුවා..එයා මට වඩා වයසින් බාල යි…එයා සීයට දෙසීයක් එයාගෙ කාලය මට වැය කලා…”

*ඔබ විශ්වාස කරනවා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට  දේශපාලනය ඔබෙ යම් කාලයක් නියැලෙනවා නේ සාර්ථක පවුල් ජීවිතයක් කියන එකත් ඡන්දදායකයින්ගේ ඡන්ද වලට බලපානවද….?
                      “අනිවාර්යෙන්…සමස්තයක් විදියට විදිහට ගත්තහම අපි අනිත් අයගේ ජීවිත දිහා බැලුවහම ඒක අනිවාර්යයෙන් වැදගත්….සමහරක් අය නාමික කසාද තියාගන්නවා අපි ඒක හොඳාකාරවම දන්නවා …අනියම් සම්බන්ධතා ගෙනියන මන්ත්‍රීවරු ඉන්නවා …සම ලිංගික බොහෝ අයත් ඉන්නවා  හැබැයි ඒ අය නාමිකව කසාදය ගෙනියනවා…”

*කවුද පාර්ලිමේන්තුවේ හිටපු හොඳම මිතුරන් ඔබේ…?
                      “මට ගොඩක් උදව් කළා  ජේ.වී.පී මන්ත්‍රී කෙනෙක් ඉන්නවා සුනිල් හඳුන්නෙත්ති,වාසුදේව නානායක්කාර සර්,තිස්ස විතාරණ සර් ,ජේවීපී එකේ අය හරියට මට උදව් කළා ඇත්තටම…දෙමළ සංවිධානය අයත් මට හරි කැමති ඒගොල්ලො දැනගත්තා මගේ තාත්තා දෙමළ කියලා…..පක්ෂ භේදයකින් තොරව 225ම හරිම එකතුයි ඇත්තටම…”

*ඔබත් එක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි රංජන් රාමනායක වර්තමානයේ ඔහුට පත්වෙලා පත්වෙලා වෙලා තියෙන තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙක් විදියට හා කලාකාරිනියක් විදියට ඔබට මොනවද හිතෙන්නේ ….?
                         “එතුමා phone calls record කරපු එක වැරදියි..ඒක ළඟ තියා ගත්ත එක ඊටත් වඩා වැරදි….එතුමා අනිත් අයට වරද්දන්න හදපු දේ එතුමාට කැරකිලා වැදුනා…මම රංජන් අයියා කියලම කියන්නම්  එයාගෙ යම් චිත්‍රපටි එක කාලෙකදි මං කැමැත්තෙන් හිටියා පස්සේ එයාගේ චිත්‍රපටි වලටත් මම කැමති නැහැ….දේශපාලනයේ දී දරන උත්සාහයටත් මම අගයන කෙනෙක් නෙමෙයි ….රන්ජන් අයියාගේ ක්‍රමයට මම එච්චර කැමති නැහැ ….පෞද්ගලිකව මන්ත්‍රීවරු පක්ෂය හරහා බලන කෙනෙක් නෙවෙයි….මම කැමති අය ඉන්නවා ඔය සියලුම පක්ෂ අතරේ…රන්ජන් අයියා පෞද්ගලිකව ගත්තහම මට හිතෙන්නේ ම එතුමා ක්‍රියාවෙන් යමක් කරන්නෙ නැතුව  වාචිකව මිනිස්සුන්ගේ හිත දිනා ගන්න  පොඩි වචන ටිකක් කියන කෙනෙක් විදිහට  තමයි මම නම් දකින්නේ….”

*ඔහුට ජනාධිපති සමාව හිමි විය යුතු ද …?
                         “අනේ මන්දා අප්පා ඒක නං ….උසාවියටත් අගෞරව කරා එතනත් යම් විනයක් තිබිය යුතුයි  විශේෂයෙන් මේ  ය නීති හදන අය….එහෙමයි කියලා රංජන් අය කරපු දේ අනුමත කරන්නත් බැහැ ….මම පෞද්ගලිකව නීතිය කොච්චර දැඩි උනත් කැමති කෙනෙක් ….”

*මරණ දන්ඩනය ගැන මොකද හිතෙන්නේ …?
                        “ඉහලින්ම කැමතියි ….විහිලුවට නෙමෙයි….මෛත්‍රීපාල ජනාධිපතිතුමා ආපු ගමන්ම කිව්වා ඒක එක ක්‍රියාත්මක කරනවා කියලා ….වාසනාවකට කියන්න ඕනේ එතුමාගේ කාලයේ ඉවර වෙද්දිම  මරණ දණ්ඩනයට නියම කරපු කෙනෙක් ජනාධිපති සමාව ඔස්සේ නිදහස් වුණා ….මට අවංකවම කියන්න තියෙන්නේ මම බැගෑපත්ව ඉල්ලීමක් කරන්නේ  මටත් දුවෙක් ඉන්නේ  අපේ සමාජයේ පුතාලගේ ඉඳන් ආච්චිලාගේ ආච්චිලාගේ ඉදන් දුවලා ඉඳන් දූෂණය කර කර අපයෝජනය කර කර සිද්ධීන් අපි හැම දාම දකිනවා…අවුරුදු 12 ක දරුවෙක් මේ ලඟදි තාත්ත නිසා ප්‍රෙග්නට් වෙලා තියෙනවා  මම කියන්නේ ඒ තාත්තව මරන්න ඕනේ  මම මේ විහිළුවට කියනවා නෙමෙයි අනිවාර්යෙන් දෙසැරයක් හිතන්නේ නැතුව මරන්නම ඕනෑ…DNA test එක කරන්න පුළුවන් නේ සේයා සේයා ගේ DNA test එක ඔප්පු වුණා අද වූ මේ මිනිස්සුන්ගේ බදු මුදලින් කකා බිබී හිර කූඩුවේ ඉන්නවා  ඌව මරන්න ඕනේ …  එතකොට තමයි මේ බය ඇති වෙන්නේ….අනික එතන දෙගිඩියාවක් නැහැනේ….”

*ඒ දවස් වල ඔය කිව්ව කරුණු කාරණා වලදී අපි දකිනවා  පුංචි දැරිවියන් අපයෝජනය ට ලක් වෙනවා  ජීවිතක්ෂයට පත් වෙනවා සමහර අවස්ථාවලදී ඔබ කාන්තා නියෝජිතවරියක් හැටියට  විශේෂයෙන් ම ඔබට කතා කරන්න පුළුවන්නේ ඒ සම්බන්ධයෙන්..?
                          “සමාජ අවබෝධයෙන් මීට වඩා ඇති කරන්න ඕනේ අනික මම තව දකින වැරැද්දක් තමයි  මාධ්‍ය වල අපරාධ හරියට  ප්‍රචාරණය වෙනවා..දෙරණ නාලිකාවේ හිටපු එකේ ශෙහාන් මහත්මයා ට කතා කරලා  සේයගේ ප්‍රශ්නය වුණාට පස්සේ මම කිව්වා  ඒක ප්‍රචාරය කරලා ඒ අපරාධ කාරයට මොකක්ද උනේ කියලා ඊටත් වඩා ප්‍රචාරයක් දෙන්න කියලා …ඒකයි අපි කළ යුත්තේ ….දඬුවමයි අපි සමාජ ගත කළ යුත්තේ …දැන් මේ යන පණිවිඩය වැරැද්දක් කරලා බේරෙන්න පුළුවන් වගේ එකක් යන්නේ ….අපරාධකාරයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ ඌ ගිහිල්ලා හොඳට කකා බිබී බුදිය ගන්නවා ….”

*ආයෙත් දේශපාලනයට එන්න අදහසක් නැද්ද …?
                           “නෑ නෑ හැබැයි මං ආසයි  මට ලැබිච්ච අත්දැකීමෙන් මීට වඩා දෙයක් කළ යුතුයි ….මේ සිස්ටම් එක වෙනස් කරන්න මම දායක වෙන්න කැමැතියි…අපේ රටේ තියන තව ගැටලුවක් තමයි පුස් ඔලු කෑගහනවා වැඩියි…මම ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ නැහැ මම ගැන නෙමෙයි මේ මම කියන්නේ…වෙනසක් කරන්න මම දායක වෙන්න කැමැතියි හැබැයි වෛරය පතුරවන්න නෙවෙයි… හිටපු  මන්ත්‍රීවරියක් විදියට මම දකින දේ තමයි ජාතික ප්‍රතිපත්ති කියන එක හැදෙන්න ඕනේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුමයි තව අවුරුදු 10කින් 20කින් හරි භුක්ති විඳින්න ඒ වගේ වැඩ පිළිවෙළක් සකස් වෙන්න ඕනේ…”

*ඔබ කුල භේදය ගැන අවස්ථා කීපයකදී කතා කළා ඒ වගේ ඒවගේ අවස්තාවකට ඔබට මුහුණදෙන්න මුහුණදෙන්න සිද්ධ වුණාද…?
                                    “මට නෙමෙයි ඒ උනාට පොඩි පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා…ගේ තාත්තා ද්‍රවිඩ වෙන එකත් එක්ක මම කොන් වෙච්ච තැන් තියෙනවා….”

*ඔබ නැවත විවාහ වෙන්නේ නැද්ද …?

                                   “බලාපොරොත්තුවක් නැහැ ….කලකිරිලා එහෙම නැහැ ජීවිතය සතුටින් ඉන්න මම කැමැතියි …අනාගතය ගැන අපිට කියන්න බැහැ ….ඒ කුතුහලයෙන් අපි බුද්ධිමත් වෙලා ඉඳලා ජිවිතය විදිමු කියන තැන තමයි මම ඉන්නේ …මගේ දුව තමයි අංක එක …”

*ගම්පහෙන් ඔබ ඡන්දය ඉල්ලපු වෙලාවෙ මනාප කරු ජයසූරිය මහත්මයා ට වඩා  වැඩියෙන් ලැබිච්ච වෙලාවෙ ඔබට මොකද හිතුණේ…?
                                  “ඇත්තටම මම පුදුම වුණා ….කොටින්ම කියනවා නම් රනිල් මහත්තයත් හිතුවේ නැහැ….මගේ ඡන්ද දායකයින්ට දොස් කියන යම් පිරිසක් ඉන්නවා මම කියන්නේ එහෙම කියන්න එපා…මම කියන්නේ අපි සියලුම දෙනාව වගකීම් වලින් හිර කරන්න ඕනේ…එතැනදී ඡන්ද ක්‍රමය පවා කොට්ඨාශ ක්‍රමයට ආ යුතුයි…මනාප ක්‍රමයේදී මොනවා හරි බෙදලා කියලා කොහොමහරි රවට්ට ගන්නවා …හැබැයි කොට්ඨාස ක්‍රමයේදී ගමේ වැඩ කරන කෙනා තමයි එන්නේ…”

*කවුද උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ …?
                                  “ඇත්තටම මම මගේ අම්මාට පින් දෙනවා මාව කුවේට් වල හදපු එකට …මම ලොකු භයක් චකිතයක් සැකයක් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි…අපි වගේ සමාජයක හැදෙන ගොඩක් අයට ඒක ඇති වෙනවා …දුර්වල කම් බොහොමයක් තිබ්බා …ඒවා පොඩ්ඩ පොඩ්ඩ හදා ගෙන යනවා මම උපේක්ෂා ට ආදරෙයි …උපේක්ෂාට නැති වෙච්ච ගොඩක් දේවල් තියෙනවා විශේෂයෙන් ම ජනතාවගේ ආදරය …නමුත් රැකිච්ච  ටිකට මම කැමතියි…ඉතුරු වෙච්ච ටිකක් තියෙනවා ඒක පරිස්සම් කරගෙන මම ඉස්සරහට යනවා ….”

*තාත්තාගේ වාසගම එකතු කරන්න කැමති නැද්ද …?
                                 “අනිවාර්යෙන් ඒ කියන්නේ  ආයෙ මගේ නම වෙනස් කරන්න ඕනේ කියන තැනට නම් මම මහන්සි වෙන්නේ නැහැ …මගේ තාත්තගේ වාසගම කියන්න මම හරිම ආඩම්බරයි ….”

(සාකච්ඡාව – ළහිරු මුදලිගේ)

[embedded content]

Leave a Reply