‘නොහැක්කැක් නොමැත’ යුද හමුදාවෙන් අක්කර 200ක කාබනික මිරිස් අස්වැන්න වෙලදපලට…

July 19, 2021 at 12:40 pm | lanka C news

‘නොහැක්කැක් නොමැත’ යුද හමුදාවෙන් අක්කර 200ක කාබනික මිරිස් අස්වැන්න වෙලදපලට…

වන්නි ආරක්ෂක සේනා මූලස්තානයේ සහ කන්දකාඩු යුදහමුදා ගොවිපලවල් තුනක අක්කර 200 ක වගා කොට තිබූ කාබනික වියලි මිරිස් අස්වැන්න සාර්ථක වීමත් සමග එහි අස්වැන්න වෙළඳපොළට යොමුකොට මහජනතාවට ලබාදීමේ වැඩසටහනක් යුදහමුදාව විසින් ආරම්භ කොට ඇත.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් වව්නියාව මණික්ෆාම් සහ ආන්ඩියාපුලියන්කුලම් යුදහමුදා ගොවිබිම්වල අක්කර 50 බැගින් අක්කර 100 ක් සහ කන්දකාඩු යුදහමුදා ගොවිපලේ අක්කර 100 ක වියලි මිරිස් වගාවේ අස්වැන්න නේලීම අරම්භ කොට ඇත.

යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි රජයේ සෞභාග්යේ දැක්ම වැඩසටහනට සමගාමීව යුදහමුදාවේ ‘තුරුමිතුරු නව රටක්‘ සංකල්පය යටතේ මෙම වියලි මිරිස් වගාව ආරම්භ කරන ලදි.

ඒ අනුව වියලි මිරිස් කිලෝවක් රුපියල් 300 ක සහන මිලක් යටතේ රාජ්‍ය කුලුබඩු සංස්තාව වෙතට සැපයීමට සංඛෙත වශයෙන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබා දෙන ලද අතර මහජනතාවට ඉදිරියේදී සමූපාකාර සතොස හරහා ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

Leave a Reply