එන්නත් ගොඩක් ලැබුණට වැඩක් නැහැ කළමනාකරණය මදිකම නිසා මරණ වැඩිවුනා -GMOA

navin-desoyza-speaks

එන්නත් මාත්‍රා මිලියන 19.5 ක් ගෙනැවිත් තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ ප්‍රමාණය සීමා කර ගැනීමට නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ප්‍රමුඛතාවය මත නිසි සැළසුමකින් එන්නත්කරණය සිදු නොවීම මීට හේතුව බව  සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

එන්නත්කරණය නිසි ප්‍රමුඛතා ලැයිස්තුවක් මත, නිසි වැඩපිළිවෙලක් මත සිදුවිය යුතු බව තම සංගමය මුල සිටම පෙන්වා දුන් නමුත් එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවද  මරණ අනුපාතය වැඩිවීමේ වගකීම, අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකළ පුද්ගලයන් බාරගත යුතු බවද ඔහු කියයි.

වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සහ 60 ට අඩු බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය හිමිවිය යුතු වුවත් එය කිසිදු අවස්ථාවක ක්‍රියාත්මක නොවූ බවත් රටට රැගෙන ආ එන්නත් මිලියන 19.5 න් අවම මිලියන 10 ක් වත් නිසි ප්‍රමුඛතාවය අනුව ලබා දුන්නේ නම් සමස්ත ජනගහනයෙන් ආසන්න වශයෙන් හතරෙන් එකකට එන්නත් ලැබිය යුතු වූ බව ඔහු පෙන්වා දෙයි.
එසේ සිදු නොවීම නිසා වළක්වා ගත හැකිව තිබූ මරණ රැසක් වළක්වා ගැනීමට අසමත් වූ බව ඔහු කියයි.

Leave a Reply