PCR පරීක්‍ෂණ අඩු කලා.. නමුත් ව්‍යාප්ති අවදානම පහව ගොස් නෑ..- සුදර්ශිනී..

July 19, 2021 at 11:20 am | lanka C news

PCR පරීක්‍ෂණ අඩු කලා.. නමුත් ව්‍යාප්ති අවදානම පහව ගොස් නෑ..- සුදර්ශිනී..

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කර ඇතැයි ‍රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අද වන විට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන නිසා මෙලෙස පරීක්ෂණ අඩු කළ බව ඇය කියා සිටියාය.

කොරෝනා මරණ සංඛ්‍යාවද ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් ගියද කොරෝනා ව්‍යාප්තියේ අවදානම පහව ගොස් නැති බවද ඇය පෙන්වා දෙයි.

එනිසා ජනතාව නිරන්තරයෙන් ම සෞඛ්‍ය මාර්ගෝපදේශ කටයුතු කිරීම අතිශය වැදගත් බව ඇය තවදුරටත් කියා සිටී.

32 views

Leave a Reply