ඉදිරි විභාග පිළිබඳ තීරණය හෙට

ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග පිළිබඳව හෙට(20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දින වකවානු පිළිබඳ ප්‍රකාශ කරන බව අමාත්‍යාංශය පවසයි

ඊට අමතරව කොවිඩ් අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ද හෙට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, මේ වනවිට තීරණය වී ඇත්තේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් 04 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමටයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 වැනිදා පැවැත්වීමට ද සැලසුම් කර ඇත

Leave a Reply