මංගල නැටුමෙන් ඇදවැටුණ තරුණයා නිසා රෝහලේ යකා නැටූ යාළුවෝ

young-man-fell-from-the-wedding-dance-panadura

පානදුර ප්‍රදේශයේ මංගල උත්සව පවත්වන ප්‍රකට ශාලාවක පැවති මංගල උත්සවයක් අතරවාරයේ තරුණයෙකු ඇදවැටීමෙන් පසු රෝහල් ගත කර සිටියදී රෝහලේ සූක්ෂ්ම ප්‍රතිකාර ඒකකයට කඩා වැදුණ එම තරුණයාගේ හිතවතුන් යයි කියන පිරිසක් ප්‍රතිකාර ප්‍රමවාද බව දක්වමින් යකා නැටූ සිදුවීමක් වාර්තා විය.

 වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයකු මෙලෙස ඇදවැටී ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ගෙනවිත් තිබූ බව වාර්තා විය.
අසාධ්‍ය තත්ත්වයේ සිටි එම රෝගියාට අවශ්‍ය සියලු ප්‍රතිකාර විධිවිධාන සලසා තිබූ බවත් වෛද්‍යවරුන් කීප දෙනෙකුම ඔහු ගැන සොයා බලා තිබුණ බවත් වාර්තා විය.
නමුත් එකී රෝහලේම  මෘත ශරීරාගාරයේ සේවකයකු ඇතුළු 15 දෙනකු පමණ පිරිසක් බලහත්කාරයෙන් රෝහල් භූමියට කඩා වැදී ආරක්ෂක නිලධාරීන්ට හෙද කාර්ය මණ්ඩලයට ද පරුෂ වචනයෙන් බැනවැදී ඇතැයි වාර්තා විය.
තරුණයාට ප්‍රතිකාර කරන ලෙස ඔවුන් බලකර ඇති අතර අනවශ්‍ය ඇතුළුවීමක් හා රාජකාරියට බාධා කිරීමක් සිදු කර ඇතැයි රෝහල් ආරංචි වාර්තා කරයි.

පරුෂ වචනයෙන් බැන වැදුණ පිරිස පිටව ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධ පැමිනිලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply