කොවිඩි බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇතිවෙනවා ද? | COVID-19

කොවිඩි බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇතිවෙනවා ද?

COVID මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම මේවන විට ක්‍රියාත්මක වනවා. ඇස්ට්‍රාසෙනිකාල ස්පුට්නික්ල සයිනොෆාම්ල මොඩර්නා සහ ෆයිසර් යන කුමන හෝ එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් හට තෙවන මාත්‍රාව ලෙස එම බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේගදෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ කළ පුද්ගලයින්ට පමණක් එම බූස්ටර් එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කලා.

නමුත් COVID බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් විවිධ අතුරු ආබාධ ඇති වන බවට සමාජයේ පැතිර යන මතය මිථ්‍යාවක් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අද (ජන. 13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

පැවති වෙනත් රෝගාබාධ COVID-19 එන්නත් ලබා ගැනීමෙන් පසුව උත්සන්න වන බවට හෝ දරුණු සංකූලතා ඇති වන බවට පැතිර යන්නේ විවිධ පුද්ගලයින්ගේ කටකතා සහ ව්‍යාජ තොරතුරු බව ඔහු පවසයි.

කෙසේ නමුත්, ඇතැම් රෝගවලට ගොදුරු වී සිටින පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වීම සහ ඒ ආසන්න කාලයකදී එන්නත් මාත්‍රා ලබාගෙන සිටීම යන කරුණු දෙක සම්බන්ධ කොට පැමිණිලි ඉදිරිපත් කිරීම් වාර්තා වන බව ඔහු පැවසී ය.

වෛද්‍යවරයා සඳහන් කළේ, එසේ වුව ද එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් පසු දරුණු අතුරු ආබාධ ඇති වූ බවට හෝ පැවති වෙනත් රෝග උත්සන්න වූ බවට හෝ තමා වෙත පැමිණි කිසිදු රෝගියෙකුගෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.

එමෙන් ම මෙම එන්නත් මාත්‍රා ලබා ගැනීම හේතුවෙන් ලිංගික බෙලහීනතා ඇති වන බවට පැතිර යන්නේ ද ව්‍යාජ මතයක් යැයි ඔහු පැවසී ය.

කෙසේ වෙතත්, මේ වන විට විද්‍යාඥයින් සිදු කර ඇති ඇතැම් පරීක්ෂණවල දත්ත අනුව කොරෝනාවෛරසය ආසාදනය වී යම්කිසි කාල සීමාවක් ගත වන තුරු මදසරුභාවය වැනි තත්ත්වයන් ඇති වන බවට කරුණු අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කළේ ය.

එන්නත් මාත්‍රා ලබා දෙන්නේ කොවිඩ් රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බැවින් හැකි ඉක්මනින් එන්නත් මාත්‍රා ලබාගෙන තමන්ගේ සහ සමීපතමයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.


Leave a Reply