කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ වලට සහ කොටිකාවත්ත‍, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල පොම්පාගාරයට විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply