කල්පිටියට ඩොල්ෆින් වසන්තය උදාවෙයි

කල්පිටිය මහුදු ප්‍රදේශයට  ඩොල්පින් වසන්තය උදාවී ඇත. උදාවූ නොවැම්බර් මස අග සිට එළැඹෙන වසරේ අප්‍රේල් අග දක්වා ඩොල්පින් නැරඹුම් සමය පවතියි.

ඩොල්පින් යාත්‍රා ක්‍රියාකරුවෙකු වූ ඉලන්තඩිය සංජීව ප්‍රනාන්දු මහතා පැවසුවේ,සෞඛ්‍ය ආරක්ෂිතව හා සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව ඩොල්පින් නැරඹුම් සේවා ක්‍රියාත්මක බවය.

එක් කුඩා යාත්‍රාවක ගමන් ගත හැක්කේ යාත්‍රා ක්‍රියාකරු සහ සහායකයාට අමතරව හය දෙනෙකි.

ජීවිත ආරක්ෂක කබා පැළදීම අනිවාර්‍ය වේ.සෑම ගමන් වාරයකටම පෙර හා පසු යාත්‍රාව විශ බීජ හරණයට භාජනය කළ යුතුය.අසනීපයෙන් පෙලෙන අය සංචාරයට සහභාගී නොවීමට වග බලා ගන්නා ලෙසට ද යාත්‍රාකරුවන් සිහිපත් කර සිටිති.

ඩොල්පින් නැරඹුම් සදහා වණ ජීවී දෙපාර්තුමේන්තුවෙන් ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතුය.විදේශිකයන් සදහා ඇමරිකන් ඩොලර් අටක්.දේශීය සංචාරක වැඩිහිටියන් සදහා රුපියල් විස්සකි.

වණජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා ප්‍රකාශ කළේ ඩොල්පින් නැරඹීමේ දී,ඔවුන්ගේ ස්වාභාවික ක්‍රියාවන්ට බාධා නොවන අයුරින් නැරඹිය යුතු බව ය. ඩොල්පින් මසුන් නැරඹීමේ දී මීටර 50 ක දුරක් සිට නැරඹිය යුතු ය. 

කල්පිටි සයුරේ ඩොල්පින්(bottle nose ),කබර ඩොල්පින්(indo pasipic hump back) සහ බහුලවම හොට දිග සන්නාලි ඩොල්පින්(spinner ) දැකිය හැකි බෑව් වාර්තා වේ.

(කල්පිටිය සමූහ)

Leave a Reply