ජනජීවිතය අනතුරේ නොහෙළා ගෑස් සිලින්ඩර පිපිරීම් ගැන සොයන්න – හේෂා

ගෘහස්ථ ඉවුම් පිහුම් ගෑස් සිලින්ඩර් පිපිරවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විපක්ෂය අද පාර්ලිමේන්තු සභාවාරය අතරතුර රජයේ අවධානයට යොමු කරන ලදි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ ජන ජීවිතය අනතුරේ හෙළන මෙම සිදුවීම් පිළිබඳව රජය සොයා බැලිය යුතු බවයි.

“ජනතාව පැය ගණන් දිගු පෝලිම්වල ඉඳලා මිලදී ගන්නා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දැන් පුපුරනවා. ඒක විපක්ෂය කරන චෝදනාවක් නෙවෙයි. සංයුතියේ වෙනසක් හේතුවෙන් පිපිරීම් සිදුව ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. කරුණාකර මේ ගැන සොයා බලන්න,” ඔහු පැවසීය.

(සටහන – කෙසේ වෙතත් අද සවස  ඉදිරිපත්වූ මැක්ඩොනල්ඩ්ස් පිපිරීම සම්බන්ධ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වූයේ සංයුති වෙනසක් නිසා එය නොවූ බවකි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply