උපන් හැටියේ වළ දැමූ බිළිඳා පැය පහකින් ගොඩගද්දී නිරුපද්‍රිතව සිටීම ගැන පැහැදිලි කෙරේ

chawakachcheri-incient

දිනයක් වයසැති බිළිඳියක පණපිටින් වළදැමූ මවක් පිළිබද පුවතක් චාවකච්චේරි – මට්ටුවිල් උතුරු ප්‍රදේශයෙන් ඊයේ වාර්තා විය. 18 හැවිරිදි වියේ පසුවූ මෙම මව අනිසි සම්බන්ධයක් නිසා දරුවා ලැබෙන්නට සිටි අතර නිවසේදී දරුවා ප්‍රසූත කළ පසුව ඇයගේ මව සමග එක්ව අඩියක පමණ වළක් හාරා පෝර උරයක දරුවා දමා වළ දමා තිබුනේ උපතින් පැය භාගයකට පසුවයි.

කෙසේ වෙතත් මවගේ සිරුරින් දිගටම රුධිරය වහනය වීමේ හේතුවෙන් ඇය රෝහල් ගතවී ඇති අතර රෝහලේදී මෙම දරු ප්‍රසූතිය ගැන කරුණු අනාවරණයවී වහාම එම ගම්මානය භාර ග්‍රාම නිලධාරීවරියට  ඒ ගැන සොයා බලන ලෙස දන්වා ඇත.

 පොලීසියට කළ පැමිණිල්ල අනුව චාවකච්චේරි පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලද අවස්ථාවේ ග්‍රාම නිලධාරීවරියන් දෙන්නෙකු මෙම දරුවා වළ දැමූ තැන සොයමින් සිටි අතර නිවස පිටුපස ස්තානයක අලුතින් කැපූ පස් දැක සැකය ඇතිව තිබේ.
මච්චුවේල් උතුර භාර කවීෂ්වරන් තනුජා ග්‍රාම නිලධාරී මහත්මිය වාහාම ක්‍රියාත්මකවී අතින් හාරා
 නිවස පිටුපස වලදමා තිබූ බිළිඳිය සොයා ගෙන තිබූ අතර පෝර උරයක තිබූ බිළිඳු සිරුර ගොඩගෙන බලද්දී දරුවා හුස්ම ගනිමින් සිටින බව දැක විමතියට පත්ව ඇත. අනතුරුව කඩිනමින් රෝහලට ඇතුළත් කර  රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.
වෛද්‍යවරුන් පැවසුවේ දරුවාගේ ජීවිතය බේරී ඇති බවයි. සිද්ධියට අදාල මව රෝහලේ සිටිවයදී පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද අතර ඇයට කොරෝනා වෛරසය ආසාදිත බවටද කරුණු හෙළිව ඇත.
මෙලෙස දරුවා වළදැමූ වේලාව ගැන මවගෙන් ලබාගත් ප්‍රකාශ අනුව පැය 5 ක් පමණ කාලයක් දරුවා පොහොර උරයේ රැඳී පොළව යට සිටි බව හෙළි විය.

මේ ගැන වෛද්‍යවරුන් විවිධ අදහස් දක්වා තිබෙන අතර මාතර රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා පුවත්පතකට අදහහස් දක්වමින් පවසන්නේ පොහොර උරයේ වාතය රැඳී තිබීම නිසා පැය පහක් ගතවීත් දරුවා හුස්ම ගන්නට ඇති බවයි. උපන් හැටියේ දරුවෙකු එතරම් ක්‍රියාශීලි නොවන බවත් ඔක්සිජන් ප්‍රමාණවත් වන්නට ඇති බවත් ඔහුගේ අදහසයි. මෙය දුර්ලභ හා කලාතුරකින් සිදුවිය හැකි සිද්ධියක් ලෙසද ඔහු පැවසීය.
මෙම අපරාධය සිදුකරන්නට උත්සාහ කළ මවට අමතරව ඇගේ පෙම්වතා කියන අය හා අනුබල දුන් බිළිඳියගේ මවගේ මෑණියන්වද පොලිසිය මගින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply