පාලම් පාරු අනතුර Updates ලංසා කෑගසයි- තිදෙනෙක් අත්අඩංගුවට – විකල්ප බස් එකට ජනතා විරෝධය

kinniya-accident-updates

ත‍්‍රිකුණාමලය කින්නියා කුරුන්ජන්කර්නි කලපුවෙහි ඊයේ උදෑසන සිදුවූ පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඒ පාරුවෙහි අයිතිකරු,මුදල් අයකැමි සහ පාලම් පාරුව පැදවූ පුද්ගලයාය.
 කින්නියා පොලිසිය මගින් අද මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම පාරුව පෙරලී යාමෙන් කුඩා දරුවන් සිව් දෙනකු ඇතුළු 06 දෙනෙක් මිය ගියහ. තවත් පුද්ගලයින් 04 දෙනෙක් අසාධ්‍යව රෝහල් ගතකර සිටිති.
කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකයට වගකිව යුත්තන් කිහිපදෙනෙකු සිටින බවත් ඊයේ කින්නියා ජනතාවගේ ප්‍රහාරයට ලක්වූ එම්එස් තවුුෆීක් මන්ත්‍රීවරයා කළේ ජනතාවගේ ගමනාගමනයට පාලමක් සකස් කිරීමට මුල් ගල තැබීම පමණක් බව ද සිදුවූ ඛේදවාචකයට මුල්වී ඇත්තේ මහරුෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාතේ එම පාලම් පාරුව ක්‍රියාත්මක කළ ඔහුගේ පාක්ෂික රියාස් නමැත්තා බවත්  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද(24) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබූ අතර
 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාවූ කින්නියා නගර සභාපතිවරයා  මීට සෘජුවම වගකිව යුතුබව ඔහු කීය.
ඊට පිළිතුරු ලෙස මෙම සිදුවීම පිළිබඳව නැවත වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් පැවසීය.මන්ත්‍රීවරයා සඳහන් කළේ වරදක් සිදුවූවා නම් තමන්ගේ නෑදෑකම ඊට අදාළ නොවන බවයි.

මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රවාහන කටයුතු සඳහා ක්‍රමවේදයක් සකසා දෙන ලෙස දැනට මාස කිහිපයකට පෙර තමන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියද ඊට විසඳුමක් නොලැබුණු බවද ඔහු කීය.
සිද්ධියෙන් පසු අදාළ ප්‍රදේශය හරහා විකල්ප ගමනාගමනයට අද (24) සිට ශ්‍රී ලංගම බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙයි.
කාකමුනෙයි සිට නඩතිව්, කුරින්චාකර්නි හරහා කින්නියා දක්වා මෙම බස් සේවාව ක්‍රියාත්මක කරන බව කින්නියා ඩිපෝව සඳහන් කළේය.
නමුත් ආරම්භ කළ මෙම බස් රථ සේවාවට ප්‍රදේශවාසීන් අද විරෝධය දක්වා ඇත.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply