කොංගෝ වෙරළේ අසීමාන්තික මෝර මසුන් දඩයමක්

Infinite-shark-hunting-off-the-coast-of-Congo

කොංගෝවේ මුහුදු තීරය තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් අතර අවසන් වසර කිහිපයේදී මෝරුන් දඩයම සැලකිය යුතු අන්දමකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. විශේෂයෙන්ම වාණිජ ධීවර කර්මාන්තයක් මෙම මුහුදු කලාපය වෙත හඳුන්වාදීමත් සමග ධීවරයන් වැඩි වශයෙන් මෙම මෝරුන් ඇල්ලීමේ යෙදී සිටින බව සඳහන් වෙයි. 

මෝර වරල් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම ඉහළ යාම මෙලෙස එම දඩයම ඉහළ යාමට හේතුව ලෙස හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් මෙලෙස මෝරුන් දඩයම ශීඝ්‍රයෙන් ඉහළ යාම සාගරයේ තිරසාරත්වය වෙත දරුණු ගැටලු රැසක් ඇති කරන බව පරිසර ක්‍රියාකාරිකයන්ගේ අදහස වී තිබේ.විශේෂයෙන්ම අද වනවිට මෙම වෙරළ ආසන්නයේ ඉදි කෙරෙන බොරතෙල් කැණීමේ පරිශ්‍ර හේතුවෙන් ධීවරයන්ට මසුන් ඇල්ලීම සඳහා පැවති සාගර කලාපය තවත් සීමා වී තිබේ. එසේම වාණිජ වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන විශාල ට්‍රෝලර් යාත්‍රා මෙම කලාපයට පැමිණීමෙන් ඔවුන් අතර මසුන් දඩයමට ඉහළ තරගයක් හට ගෙන ඇත. “සෑම දවසකම වාගේ මරා දැමුණු මෝරුන් සිය ගණනක් මේ වෙරළේ ගොඩ ගැසෙනවා.
ඔවුන් එම අවස්ථාවේදීම ඉහළ මිලට අලෙවි කෙරෙනවා. ඔවුන් අතර හැමර්හෙඩ්, බිග්අයි ත්‍රෙෂර්, සිල්කි සහ මාකෝ යන විශේෂයන්ට අයත් මෝරුන් ඉන්නවා. ඔවුන් සියල්ලම අද වඳවීමේ තර්ජනයට ලක්වුණු මෝර විශේෂ” සත්ව ක්‍රියාකාරිකයන් සඳහන් කරයි. එහිදී බොහෝමයක් මෝරුන් දඩයම් කෙරෙන්නේ කුඩා හෝ තරුණ වයසේදී වීම මෙහි ඇති තවත් ගැටලුවක් බව කොංගෝර්වේ පරිසර ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply